29.1 C
Sri Lanka
Sunday, June 22, 2025
Homeසාහිත්‍යයළියක මහිම බල!

ළියක මහිම බල!

ඇය පිළිබඳ මතක ඉම
කඩ ඉමකි මට
එගොඩ මෙගොඩ යන.
ගිලන් වේය සිත,
එගොඩ වූ එසැනින්. ….
ගොඩ ගනු
නොහැකි වන ලෙස.
ඒ නිසා….
ඉමි මම මෙගොඩ
නොදකින පිණිස ඇය.

ඉසිවරයාණෝය නුඹ
මෙගොඩ ඉන්නා මට
ගිලන්වූ ගත සිත
නිවා සනහා ලන..

නුඹේ සෙවැනැළ්ල
දැවටේ මගේ සයනය වටා
මගෙම අම්මා වගේ මය මට.
ගිලන්වූ ගත සිත
උකුළේ හොවා ගෙන
පිරිමදින කල හිස..
යලි සුවපත් වේය
පෘතග්ජන මිනිසා ගෙ
හදවත.

ජයන්ත විජේසිංහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments