21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමත්ද්‍රව්‍ය ජාල මෙහෙයවු ජාවාරමුන් හා මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්.අත්අඩංගුට.

මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවු ජාවාරමුන් හා මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්.අත්අඩංගුට.

කිඹුල ඇල ගුණාගේ සමිපතමයෙකු වන විදේශගතව සිටින අන්නාගේමෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ප්‍රධාන ගෝලයා විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) වත්තල පොලිස් වසමේ නායකන්ද ක්‍රිස්තුරාජ මාවතේ කැමිලස් වැඩිහිටි නිවසට හැරෙන හංදියේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 06, ග්‍රෑම් 372 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 6,550,000.00 ක් සහ ඩිජිටල් තරාදි 01 ක්, යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

මෙම පුද්ගලයා වර්තමානයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කිඹුල ඇල ගුණා නැමති අයගේ සමිපතමයෙකු වන විදේශගතව සිටින ප්‍රධාන ගෝලයා බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිටි කාන්තාවක් විශේෂ කර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක ඊ.ජි.ඩි.ඩි.බි. ඇල්ලේපොල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) නිට්ටඹුව පොලිස් වසමේ අංක 234/2/6, හුඹුටියාව, අලුත්වත්ත, නිට්ටඹුව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 320 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 109,000.00 ක් සහ ඩිජිටල් තරාදි 01 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

හත්පෝරුව වැව රක්ෂිතයේදී කපා වියලා විකිනීමට සකස් කරන ලැබු වියළි ගංජා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට*

විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී එච්.වි.එන්. නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටි. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩබ්.එම්.ජී.ආර්. වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) සූරියවැව පොලිස් වසමේ අන්දරවැව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හත්පෝරුව වැව රක්ෂිතයේදී කපා වියලා විකිනීමට සකස් කරන ලද වියළි ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 300 ක් සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මෙරට මත්ද්‍රවය ජාලය මෙහෙයවන බටවල සුපුන් විශේෂ කර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය දකුණු පළාත තුල සිදුවන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සදහා ස්ථාපිත කර ඇති පුෂ්පාරාම උප කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය භාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය උප පොලිස් පරික්ෂක පී.එම්. කාරියප්පෙරුම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.08 වන දින වැලිගම පොලිස් වසමේ වැලිගම බෝගන්විලා රෙස්ටුරන්ට් අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 300 ක්, මුදල් රු. 350,000.00 ක මුදලක් සහ යතුරු පැදියක් සමග පිටිදුව, වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද මොහු සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මෙරට මත්ද්‍රවය ජාලය මෙහෙයවන බටවල සුපුන් නැමති අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු බවට කරුණු අණාවරනය වී ඇත.

දිගු කලෙක පටන් මහා පරිමණයෙන් කඩවත, රාගම ප්‍රදේශයන් වලට මත්ද්‍රව්‍ය බෙදූ ජාවාරම් කරුවන් දෙදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන රැල්ල මර්ධනය කිරිම විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව රාජකාරී යොදවා ඇති F කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් අධිකාරී කේ.ඒ.ඒ.කේ. කටුගම්පල මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරික්ෂක එච්.පී.යූ. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) රාගම පොලිස් වසමේ කැන්දලියැද්ද පාළුව, රාගම ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇත.

එහිදී දිගු කලෙක පටන් හෙරොයින් ජාවාරමෙි යෙදුනු ,අත්අඩංගුවට පත් වෙන අවස්ථාවෙ ග්‍රෑම් 238 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කඩවත, ගණේමුල්ල ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 37-38 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments