22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්උපමාරිමාධිකරණය ප්‍රතිසංස්කරණය කෙරේ.

උපමාරිමාධිකරණය ප්‍රතිසංස්කරණය කෙරේ.

යුවාන් මිලියන 240 ක චීන රජයේ මුල්‍ය ප්‍රතිපාදන වලින් උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදුදා ( 31 ) ආරම්භ කෙරේ.
යුවාන් මිලියන 240 ක චීන රජයේ මුල්‍ය ආධාර යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු(31) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එදින පෙරවරු 10.00ට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ගරු අග්‍රවිනිශ්චයකාර, ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන් සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් මීට වසර 30කට පෙර එනම් 1988 වසරේදී පෙර චීන රජය විසින් උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රදානයක් ලෙස ඉදි කර ශ්‍රී ලංකා රජයට භාර දී ඇති අතර, ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමුහාණ්ඩුව සමග 2016 වසරේ අත්සන් කරන ලද ගිවිසුමකට අනුව උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට එකග වී තිබේ.
අදියර දෙකක් යටතේ මාස 32 ක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ අභියාචනාධිකරණය ස්ථාපිත කොටස හා දෙවන අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.
2025 ඔක්තෝම්බර් මස 17 වැනි දින සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබේ.
ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළව මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා නියෝජිතායතනය අතර ගිවිසුමක් 2021 වසරේ දෙසැම්බර් මස 21 වන දින අත්සන් කරන ලදී.
2012 වසරේ උපරිමාධිකරණ සංකීර්ණයේ වහල, ආරක්ෂක කුටි, ජලනල පද්ධතිය, විදුලි පද්ධතිය ඇතුළු බාහිර අලුත් වැඩියා කටයුතු සිදු කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments