දිගු කලෙක පටන් රක්වාන ගඟේ ඉවුරු ඛාදනය සිදුකරන අනවසරයෙන් පතල් කැණිම් කර ස්වාභාවික පරිසරයෙ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙන එන අනවසර පතල්කපන ස්ථානයක් කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක කේ.ජි.එන්. ලිලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (07) රක්වාන පොලිස් වසමේ රාමුකෝරලේ මාදම්පේ වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දිගු කලෙක පටන් ස්වාභාවික රක්වාන ගඟේ ඉවුරු ඛාදනය සිදුකරන අනවසරයෙන් පතල් කැණිම් කර ස්වාභාවික පරිසරයෙ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙන එන අනවසර පතල් කැණිම් කර ගැරිම් කිරිම සදහා සුදානම් කර තිබු ඉල්ලම් කවර තොගයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.