හදවතින් දුටු කඳ සුරිදු දෑසින්ම දැක ගන්න ‐ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම අගෝස්තු 03 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉතා සතුටින් ශ්‍රී ලාංකික ජනතාව වෙත දන්වා සිටියි.
වසර 75 ක් පිරුණු දේශීය චිත්‍රපට කර්මාන්තය සැබෑ අභියෝගයකට මුහුණ දී සිටී. එය උභතෝකෝටික ගැටලුවකි. සමාජ මාධ්‍ය, රූපවාහිනිය හා ආනයනික චිත්‍රපට හරහා ප්‍රේක්‍ෂක මනසට හුරුවී ඇති විචිත්‍රවත් නිර්මාණ දේශීය වශයෙන් නිර්මාණයවීම ඉතා විරලය. ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක ළඟාකරගැනීමේ ගැටලුවයි. ප්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක සපුරා ගැනීමට (අවම වශයෙන් නිෂ්පාදන පිරිවැය
පියවා ගැනීමට) ප්‍රේක්‍ෂකයන් මන්මත් කරන විචිත්‍රවත් නර්මාණ බිහිකළ යුතුය. විචිත්‍රවත් නිර්මාණ නොමැති කළ ප්‍රේක්‍ෂක ආකර්ශණය නැත. ප්‍රේක්‍ෂක ආකාර්ශණය නොමැතිව විචිත්‍රවත් නිර්මාණ බිහිකළ නොහැක. මේ උභතෝකෝටිකය මත දේශීය සිනමා කර්මාන්තය එක තැන පල්වෙමින් පවතී. ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය ඉතා ඉහළ තලයක පවතින්නේ එරට ව්‍යාපාරික ප්‍රජාව හරහා අතිවිශාල ප්‍රාග්ධනයක් මෙම කර්මාන්යේ යෙදවීම තුළින් ඇති කළ උද්ධීපනය හරහාය.

සැබෑ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු ලෙස රයිගම් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ තම ව්‍යවසායකත්ව ශක්තිය සිනමා කර්මාන්තය වෙත මේ මොහොතේ යොමුකරන්නේ, මන්දගාමී ගමනක යෙදෙන දේශීය සිනමා කර්මාන්යට යම් අස්වැසිල්ලක් වෙමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණ කුසලතාවයෙන් බිහිකළ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම දේශීය සිනමා ක්‍ෂේත්‍රයට තිලිණකරමිනි.
දේව කතා සාහිත්‍යයෙහි මිනිස් දුවක් සරණ පාවා ගත් දෙවියකු ගැන සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි. එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කර, ඒ ආලයේ මහිමයෙන් ඔහු කතරගමට ගෙන්වා ගෙන සරණ කර ගත් රූමතිය වැදි ජනයා අතර හැදුණු වැඩුණු වල්ලී ය. ඔවුන් දෙදෙනාගේ කථා වස්තුව විචිත්‍රවත් වෘත්තාන්තයකි. ශිව පාර්වතී මංගල්‍යය, කඳ කුමරුන්ගේ ඉපදීම, අසුර පරාජය, දුටුගැමුණු කඳ සුරිඳු මිත්‍රත්වය, කතරගම දෙවොලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව ඇතුලු ඇසූ නොඇසූ කථා කදිර දිව්‍යරාජ සිනමාපටය තුළින් නැරඹිය හැකිය.
කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ මංගල ප්‍රදර්ශනයට සමගාමීව චිත්‍රපටය නොමිලේ නැරඹීම සඳහා වන දිනුම් ඇදීමක් නිෂ්පාදන කණ්ඩායම සූදානම් කර තිබුණි ඒ “රයිගම් දෙවැනි 1” – 100% සහල් නූඩ්ල්ස් මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහායි. “රයිගම් දෙවැනි 1” පැකට්ටුවක් මිලදී ගෙන එහි ඇති අත්පත්‍රිකාවේ සඳහන් අංකය කෙටි පණිවුඩයක් මගින් දුරකථන අංක 070 7062 062 වෙත එවීම මගින් මෙම දිනුම් ඇදීමට ඇතුළත් විය හැක. සතියේ දිනවල දිනපතා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් 12 දෙනෙක් සඳහා කදිර දිව්‍යරාජ චිත්‍රපටය නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර දෙක බැගින් හිමිවේ. මෙයද ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය තුළ සිදුකරන විශාලතම දිනුම් ඇදීමේ තරගය වන අතර චිත්‍රපටය තිරගතවන කාල සීමාව පුරා ක්‍රියාත්මක වේ.

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ප්‍රධාන චරිත ද්විත්වය භාරතීය රංගන ශිල්පී සමර් වර්මානි සහ භාරතීය රංගන ශිල්පිනී සොනාක්ෂි සිං රාවන් යන දෙපළ අතින් නිරූපිත අතර ප්‍රවීණ දේශීය නළු නිළියන් රැසක්ද මෙම සිනමා නිර්මාණයට රංගන දායකත්වය සපයා ඇත.
රොෂාන් පිලපිටිය ,නිල්මිණි තෙන්නකෝන්,ජගත් චමිල, චරිත් අබේසිංහ,වසන්ත විට්ටච්චි ,නදීපා රණසිංහ,සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන,විනූ උදානි සිරිවර්ධන,හරිනි කාව්‍යාංජනී,අජිත් ශාන්ත ,සමුදි ජයසිංහ,වසන්ත කුමාරවිල,ෂෙල්ටන් කැකුලාවල,රජිත රොද්‍රිගු,රංගී රාජපක්ෂ,සම්පත් තෙන්නකෝන්.

කැමරා අධ්‍යක්‍ෂණය -චන්න දේශප්‍රිය,කලා අධ්‍යක්‍ෂණය – ධම්මික හේවාදුවත්ත,නිෂ්පාදන කළමණාකරනය- නිමල් විජේසිරි සේනාධීර සංස්කරණය- තිස්ස සුරේන්ද්‍ර,සටන් අධ්‍යක්‍ෂණය- සුමුදු අමල්ක,දෘශ්‍ය ප්‍රයෝග- චමත් පරණවිදාන,නර්තන අධ්‍යක්‍ෂණය- සංඛ අබේසිංහ,
වස්ත්‍රාභරණ- වෙනුක වික්‍රමාරච්චි,වෙස් ගැන්වීම- ප්‍රියන්ත දිසානායක,කේශාලංකරණය- හරූන් ෂයිඩීන්,සංගීත අධ්‍යක්‍ෂණය- රෝහණ වීරසිංහ,ගීත ගායනය- නිරෝෂා විරාජිනී, රවීන් කණිෂ්ක,සහය අධ්‍යක්‍ෂණය- විමල් දේශප්‍රිය,නිශ්චල ඡායාරූප- ධම්මික පතිරත්න,නිෂ්පාදන සම්බන්ධීකරණය- ඒ.ඩී. රංජිත් කුමාර,STEADY CAM කැමරා මෙහෙයවීම- ස්ටයිනර් ඇඩම්ස්
ශිව හා විශ්ණු දෙවියන් මෙන්ම බොහෝ රටවල කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන අතර එම දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනීමට මහජනතාව කටයුතු කරයි. කතරගම දෙවියන් අපට සුවිශේෂි වෙයි. අතීත පුරාවෘතයන්ට අනුව දෙව්ලොව සිට වැඩමකළ කඳ සුරිඳුන් තම වාසභවන සඳහා තෝරාගත්තේ අපේ රටේ කතරගම පුරවරයයි. අපේ රට බතින් බුලතින් පොහොසත් කරන්නන්ගේ දුකට පිහිටවන්නටත් කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබූ බවට පුඵල් ජනතා විශ්වාසයක් පවති. බේදයකින් තොරව සිය
ඵ ආගම් අදහන මහජනතාව, භක්තියෙන් කතරගම දෙවි ආශිර්වාදය පතයි.

ඡායාරූප- එන්. විජේරත්න