29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝදි ස්කාගාරයක්, රසායනික ද්‍රව්‍ය මිශ්‍රකොට බාල ‌කොත්තමල්ල ගබඩාවක් හා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමක්...

නීතිවිරෝදි ස්කාගාරයක්, රසායනික ද්‍රව්‍ය මිශ්‍රකොට බාල ‌කොත්තමල්ල ගබඩාවක් හා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ඉතාම සුක්ෂම ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණයේ නීතිවිරෝධී විරෝධි ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.

ඒ් අනුව එම කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.ඩී.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) මිණුවන්ගොඩ පොලිස් වසමේ අංක 56/8, ෆාතිමා මාවත, කදාන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක පටන් ඉතාම සුක්ෂම ව පනත්වා ගෙන ගිය නීති විරෝධී මත්පැන් ලීටර් 135 ක්, ගෝඩා ලීටර් 2,880 ක්, යකඩ බැරල් 16ක්, ගෑස් සිලින්ඩරයක්, ගෑස් ලිප් 01ක් සහ තඹ දඟරයක් සමඟ කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිණුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
බාල කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර නැවත සැකසුම් කිරීමේ මධ්‍යස්ථානයක් විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අසෝක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ආර්.ඩබ්.වී.එස්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ අමිපාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (08) කල්මුණ පොලිස් වසමේ පරණ මුහුදු වෙරළ පාර, කල්මුණ කුඩි 03 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය (සල්පර් පවුඩර්) මීශ්‍රකර නැවත ඇසුරුම් කර අලෙවි කිරීම සඳහා සකස් කර තිබු කොත්තමල්ලි ගබඩා කර සන්තකයේ තබාගෙන සිටි කල්මුණයිකුඩි 08 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ අමිපාර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි සාලිය බණ්ඩාර නවරත්න මහතා ඇතුඵ කණ්ඩායම වෙත භාර දී ඇත.

එහිදි සල්පර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 2,125ක්,ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 82,750 හා සල්පර් පවුඩර් කිලෝ ග්‍රෑම් 225 අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය සහ මහා පරිමාණයෙන් සොරකම් කරන ලැබු භාණ්ඩ සන්තකයේ තබාගනෙ සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව C කළාපයේ රාජකාරී යොදවා ඇති නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී නලීන් පෙරේරා මහතාගේ අධික්ෂණයෙන් පොලිස් පරීක්ෂක ආර්.එමි.ඒ.ඩි.එම්. විජේසුරිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) දෙමටගොඩ පොලිස් වසමේ අංක 6/63, ඇල්බියන් පටුමග, දෙමටගොඩ, කොළඹ 09 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය හා සොරකම් කරන ලද බවට සැක භාණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 950ක්,කැමරා 04ක්, දුරකථන 12ක්, දුරකථන බැටරි 05ක්, අත් ඔරලෝසු17ක්, පෙන් 04ක් හා Pay machine 01 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments