21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsතීරු බදු රහිතව මෙරටට ගෙන්වනු ලැබු සිගරට් ආදේශක සහ පයිප්ප දුම්කොළ සන්තකයේ...

තීරු බදු රහිතව මෙරටට ගෙන්වනු ලැබු සිගරට් ආදේශක සහ පයිප්ප දුම්කොළ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී වි.සි.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) ඇල්ල පොලිස් වසමේ සී.කේ. සූපර්මාර්ට් ඇල්ල යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරට් ආදේශක පයිප්ප දුම්කොළ (Golden Virginia) ග්‍රෑම් 50ක් අඩංගු පැකට් 10ක් සහ පයිප්ප දුම්කොළ (Drum) ග්‍රෑම් 50ක් අඩංගු පැකට් 07ක් සන්තකයේ තබාගෙන සිටි දියතලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු ඇල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පසුගිය යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සඟවන ලැබු රත්‍රන්,මුදල් අවි සෙවීමට රැගෙන යමින් සිටි අති නවීන ස්කෑන් යන්ත්‍රයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ පොලිස් පරික්ෂක කේ.ඩී.සී. තිලකරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) කිලිනොච්චිය පොලිස් වසමේ කනකපුරම් මහවිරු කනත්තට ආසන්න මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පසුගිය යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම ප්‍රදේශයේ වලදමා ඇති බවට සැක කරන රත්‍රන් හා මුදල්, අවි ආයුධ සෙවීමේ අරමුණ ඇතිව යැයි සැකපිට විදේශිය නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් කාර් රථයකින් රැගෙන යමින් සිටි මාදම්පේ, මහනුවර, නාත්තණ්ඩිය, මිද්දෙනිය ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් 58 ත් අතර පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ජර්මනියේ නිෂ්පාදිත අංක 5968-111 දරණ MAGA G3 වර්ගයේ, ඇන්ටනා, බැටරි, බැටරි චාජර්, කොටස් ඇතුලත් ස්කෑනර් යන්ත්‍රයක්, TOYOTA AXIO වර්ගයේ කාර් රථයක් (NW CAC 0135‍),NALINDA MAKEHELWALA යන නම සඳහන් STATE MINISTRY OF COMMUNITY POLICE SERVICES ලෙස සටහන්කර ඇති පිවිසුම් කාඩ්පතක් අත්අඩංගුවට ගෙන තිබේ. .

ඉකුත් (04) කඳානේ නිවසකට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට ආධාර අනුබල දුන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රසික චමෝද් නොහොත් චුටි මල්ලී යන අයගේ සමීපතමයෙකු හෙරොයින් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) ජාඇල පොලිස් වසමේ අංක 51/04, පෙරේරා මාවත, කටුවන, ජාඇල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රසික චමෝද් නොහොත් චුටි මල්ලී යන අයගේ සමීපතමයෙකු වන මෙම සැකකරු ඉකුත් අගෝස්තු (04) කඳාන පොලිස් වසමේ අංක 16/39, ඒ/2, පියුම් මාවත, කදාන ලිපිනයේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට ආධාර අනුබල දීම සහ හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 890 සන්තකයේ තබා ගැනීම යන වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම සැකකරු කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments