21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්බ්‍රිතාන්‍යයේ පිහිටි '123STEM CAMPUS' දැන් ශ්‍රී ලංකාවේ.

බ්‍රිතාන්‍යයේ පිහිටි ‘123STEM CAMPUS’ දැන් ශ්‍රී ලංකාවේ.

බ්‍රිතාන්‍යයේ පිහිටි ‘123STEM CAMPUS’ මගින් සිදුකරන නව ලොවට ගැලපෙන සුවිශේෂි විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමවේදයන් ශ්‍රී ලාංකික දරුවන්ටත් ලබාගැනීමේ අවස්ථාව දැන් උදාවි තිබේ.

ඒ් අනුව කොළඹ 03 කොල්ලුපිටියේ බ්‍රිටිෂ් කවුන්සිල් අසල පිහිටි ‘123STEM CAMPUS’ වෙත පැමිණීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි. මෙහිදි වයස අවුරුදු 7-15 දක්වා දරුවන්ට SCIENCE, TECHNOLOGY, ENGINEERING, MATHEMATICS විෂයන් පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඒම ආයතනයේ සභාපති හා විධායක නිලධාරි මහාචාර්ය චමින්ද සිල්වා මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ මෙම ආයතනය මගින් වයස අවුරුදු 6-16 අතර දරුවන් පාසැල්කාලයෙන් පසු සවස් වරුවේ හා සති අන්තයේ පැවැත්වෙන පාඨමාලාවන්ට සහභාගිවිය හැකියි. එක්වරකට දරුවන් හයසීයක් බඳවා ගන්නා අතර ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව,රො‌බෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය(A.I)ගණිතය, තොරතුරු තාක්ෂණය පිළිබඳ අදාල උපකරණ භාවිතා කරමින් ප්‍රායෝගික දැනුම ලබාදෙන ආයතනයකී. බ්‍රිතාන්‍යයේ පිහිටි ‘123STEM CAMPUS’හී ප්‍රවීණ ආචාර්ය හා මහාචාර්යවරු දේශන පවත්වනු ලබන පළමු ශ්‍රේණියේ සිට උසස් අධ්‍යාපනය ලබන දරුවන් දක්වා පුළුල් පරාසයක විහිදෙන පඨාමාලා මෙම බ්‍රිතාන්‍ය අනුබද්ධ මෙරට පිහිටි ‘123STEM CAMPUS මගින් පවත්වනු ලබයි.

මෙම ආයතනය මගින් අවසානයේ සිය මව් විශ්වවිද්‍යාලයේ සංචාරයක්ද ලබාදීමට කටයුතු කර ඇත. COMPUTER SOFTWARE ENGINEERING වැනි විෂයන්ද ඉගැන්වීමට කටයුතු කරන අතර මේ සෑම විෂයකටම අදාලව ලංකාවේ පළමු වතාවට ලෝකයේ නව උපකරණ යෝදාගනිමින් ප්‍රායෝගික අධ්‍යනයක් ලබාදෙන එකම ආයතනය ලෙස මෙම ආයතනය හඳුන්වාදිය හැකියි.ඉදිරි අභියෝග ජයගැනීමට නම් අපේ දරුවන්ට ප්‍රායෝගික විද්‍යා දැනුම ලබාදීය යුතු බව මහචාර්ය චමින්ද සිල්වා මහතා පෙන්වාදෙයි. තවදුරටත් අදහස් දක්වන ඒ් මහතා කියා සිටින්නේ ලංකාවේ විභාග මූලික අධ්‍යාපනයක් තිබෙන අතර එහිදි ළමයි සියලු දෙනා ලොකු තරඟයකට ඇවිල්ලා කට පාඩම් කරලා ‌තමයි
SCIENCE, TECHNOLOGY, ENGINEERING, MATHEMATICS විෂයන්වල ප්‍රායෝගික පුහුණුවක් නැතිව තමයි විශ්වවිද්‍යාල අධ්‍යනය ලබන්නේ. සෑම දරුවෙකුම තුලය දක්ෂතා තිබුණට පොතේගුරු අධ්‍යාපනය මගින් ඒ දරුවන්ගේ කුසලතා එළියට එන්නේ නැහැ. ඊට ප්‍රායෝගික අධ්‍යාපනය ලබාදිය යූතුයි. ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. ඊට විසඳුමක් ලෙස තමයි අපි බ්‍රිතාන්‍යයේ අනුබද්ධ ආයතනයක් ලෙස ආරම්භ කර තිබෙන ‘123STEM CAMPUS’ එක Biology, Chemistry, Physics, Robotics, Artificial Intelligence (A.I) Mathematics, Information Technology, FOOD TECHNOLOGY විෂයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදෙමින් දරුවෙකු විද්‍යාඥයකු බවට පරිවර්තනය කිරිම මෙම ආයතනයේ අරමුණවේ. අපේ වෙබ්අඩවියෙන්ද වැඩිදුර විස්තර ලබාගත හැකියි. මේ මගින් අපේ දරුවන් අතර මෙම විෂයන්ට තිබෙන බයද නැති කිරීම අපේ තව අරමුණකී . ඉදිරියේදී රැකියා සකස් වෙන්නේ මේ විෂයන්ට අදාලවයි. දැනට තිබෙන රැකියා ඩිජිටල් වෙමින් තිබෙන බවද තම තමන්ගේ වියදම් අඩුකරන්න සෑම ක්ෂේත්‍රයකම මේ දේ සිදුවෙමින් තිබෙන අතර ඉදිරියේදි අපි ගැන තීරණය ගන්නේ ජංගම දුරකතනයයි. මෙම විද්‍යා හා තාක්ෂණික දැනුම නැතිව අපිට ඉදිරියට යා නොහැකියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments