23.2 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්මහජන ආරක්ෂක ඇමැති අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි.

මහජන ආරක්ෂක ඇමැති අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට (15)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එහිදී දුමින්ද නාගමුව මහතා පසුගියඉකුත් (12) පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පවසා සිටියේය.ඒ අනුව මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා අද පස්වරුවේ ටිරාන් අලස් මහතා අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේ තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවයි.විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතුබව ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments