21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකංජීපාණිගේ ගෝලයෙක් හෙරොයින් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

කංජීපාණිගේ ගෝලයෙක් හෙරොයින් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මොහොමඩ් නජීමි ඉමිරාන් නොහොත් කංජිපානි ඉම්රාන් ගෙ ගෝලයා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරට අනුයුක්තව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන රැල්ල මර්ධනය කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන B කලාපයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත උ.පො.ප. ජේ.එ.එ.ආර්. චාමර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව මාළිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජිඩි පාර, අංක 211/18 යන නිවස අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු අත්අඩංගුට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාළිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී මෙම සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංව්ධානාත්මක අපරාධකල්ලි සාමාජිකයකු වන මොහොමඩ් නජීමි ඉමිරාන් නොහොත් කංජිපානි ඉම්රාන් යන අයගේ කණ්ඩායමේ සාමාජිකයෙකු බව අණාවරණය වී ඇත.

අඹකොටේ නිධන් හෑරු පස්දෙනෙක් විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ අධික්ෂණයෙන් මහනුවර දෙවන කඳවුර අදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩි.බි. කන්දේකුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තෙල්දෙණිය පොලිස් වසමේ අංක 156, අඹකොටේ, කෙන්ගල්ල ලිපිනයේ පිහිටි නිවස පිටුපස ගල්තලාවේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නිධන් ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි කෙංගල්ල, මීගහකිවුල, කටුගස්තොට, තණමල්විල හා බුත්පිටිය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 45,48,49,59 පසුවන පසුවන පුද්ගලයන් පස් දෙනෙකු ඒ සඳහා යොදාගත් කැණිම් උපකරණ හා පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
හැමර් 02ක්, ග්‍රිල් 01ක්, 25 මි.මී. අඩි 02 විදින කටු 06ක්, 25 මි.මී. අඩි 1 ½ විදින කටු 21ක්, 25 මි.මී. අඩි 01 විදින කටු 03ක්, රාත්තල් 08 මිටි 03ක්, ගල් විදින කටු06ක්, අඩි 04 අලවංගු 02ක්,විදුලි පන්දම් 02ක්, ග්ලවුස් ජෝඩුවක්, ඇම්පියර් 15 වයර් අඩි 30ක්, සුදු පැහැති ටු කොට් වයර් අඩි 29ක්, අඩි 2 ½ හා අඩි 03 පෙක්සිබල් වයර් කැබලි 02 යි,පිල්ටර් මාක්ස් 01ක්, ඩෙටනේටර් 02ක්, නයිට්‍රික් ඇසිඩ් ලිටර් 20 ක් අඩංගු කලු පැහැති කෑන් 01ක්, වෙඩි බෙහෙත් ඉවත් කරන ලද රතින්ඥා කොපු 60 ක්, රතිඤ්ඤා කරල් 69ක්, රතිඤ්ඤා වලින් ඉවත් කරන ලද වෙඩි බෙහෙත් ග්‍රෑම් 168, මි.ග්‍රෑම් 253ක්, ඇමෝනියා නයිට්ට්‍රේට් ග්‍රෑම් 450, මි.ග්‍රෑම් 272ක්, ක්‍රැපිටෝන් කෙමිකල් කිලෝ 04, මි.ග්‍රෑම් 200ක්,පූජා භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

හෑෂ් මත්ද්‍රව්‍ය ජාවාරමි කිරීම සඳහා ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයෙකු ස්වයං නිෂ්පාදිත යකඩ මිට සහිත බයිසිකල් චෙින් එකක් යොදා හැදු ආයුධයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරට අනුයුක්තව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන රැල්ල මර්ධනය කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන F කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් අධිකාරී කේ.ඒ.ඒ.කේ. කටුගම්පල මහතාගේ අධීක්ෂණය මත උ.පො.ප. හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කිරිබත්ගොඩ පොලිස් වසමේ ඊරියමැටිය මාර්ගයේ, තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආයතනය ඉදිරිපිට මාර්ග බාධකයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජාවාරමි කිරීම සඳහා හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09, මිලි ග්‍රෑම් 550 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක් මගින් ප්‍රවාහණය කරමින් සිටි වයස අවුරුදු 24 ක කැළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉලේක්ටොනික තරාදික් හා සැකකරු විසින් සකසන ලද යකඩ මිට සහිත බයිසිකල් චේන් එකක් සමග අත්අඩංගුට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments