22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්රුපියල් මිලියන 02 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික...

රුපියල් මිලියන 02 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සෙරක්කුලියාමුනෙයි කළපු ප්‍රදේශයේදී  (15)  සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හතකට (07) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් 2023 අගෝස්තු මස 15 වන දින කල්පිටිය සෙරක්කුලියාමුනෙයි කළපු ප්‍රදේශයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම කළපු ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් හතරක (04) අසුරන ලද, කේරළ ගංජා කිලෝ හතයි (07) ග්‍රෑම් නවසිය පනස් පහක (955) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.   

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දෙකකට (02) අධික වෙතැයි විශ්වාස කෙරේ.   

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 45 ක් වන සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01), කේරළ ගංජා කිලෝ හතයි (07) ග්‍රෑම් නවසිය පනස් පහක (955) පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටියපොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments