දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් මහ තරඟයෙන් නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඉකුත් (11) සිට (14) දක්වා පුත්තලම නගර සභා ක්‍රීඩාංගණයේදී මෙම තරඟ පැවැත්විණි.
මෙම තරඟාවලිය සඳහා හෑන්ඩ්බෝල් කණ්ඩායම් 21 ක් සහභාගී වූ අතර, යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් ලකුණු 31-36 ලෙස යුද හමුදා කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර, නාවික හමුදා කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම, මෙම තරඟාවලියේ දක්ෂතම ප්‍රහාරකයාට හිමි කුසලානය නාවික හමුදා ක්‍රීඩක නායක නැවි කේඑම්ආර්එස්එස් බංඩාර විසින් දිනා ගත් අතර, දක්ෂතම වළක්වන්නාට හිමි කුසලානය නායක ශාරිරික අභ්‍යාසක ඩබ්එච්පී ද සිල්වා විසින් දිනා ගන්නා ලදි.