21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsහොර පාරෙන් මෙරටට ගෙන් වූ බී.ඩී.කොළ සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්...

හොර පාරෙන් මෙරටට ගෙන් වූ බී.ඩී.කොළ සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් එස්.ටී.එෆ්. සොයාගනී.

හොර පාරෙන් මෙරටට ගෙන් වූ බී.ඩී.කොළ කිලෝ ග්‍රෑම් 1,460 ක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ශ්‍රි ලංකා නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණය මත පුත්තලම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) හලාවත පොලිස් වසමේ අංක 49, සිල්වම් වත්ත, මයික්කුලම ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව තීරබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද බී.ඩී. කොළ කිලෝ ග්‍රෑම් 1,460 ක් වෑන් රථයක පටවා ප්‍රවාහනයට සුදානම් කර සන්තකයේ තබාගෙන සිටි මයික්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම සුරබදු ඒකකයේ ස්ථානාධිපති තුමා වෙත භාර දී ඇත.

වෑන් රථයක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) මාලිගාවත්ත පොලිස් වසමේ බලවේග ධාවනාගාරය සහ කර්මාන්තශාලා 36 මාලිගාවත්ත දොරටුව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන වෑන් රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිටි පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක හා අවුරුදු 40 ක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ෆී ගැබ්ලින් වර්ගයේ මත්පෙති සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව B කළාපයේ මරදාන පොලිස් නිවාස සංකිර්ණයේ ස්ථාන ගතකර සිටින පොලිස් පරීක්ෂක ඒම.ජි.ඒ.ඒ. දිල්හාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) මාලිගාවත්ත පොලිස් වසමේ මාර්ග බාධක රාජකාරියක දී වැටලීමක් සිදුකර ඇත ඇත.

එහි දී ෆී ගැබ්ලින් 150mg වර්ගයේ මත්පෙති 300 ක් සන්තකයේ තබාගෙන සිටි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments