22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කළ අති නවීන සන්නිවේදන...

මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කළ අති නවීන සන්නිවේදන පද්ධති සහිත වාහන.

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සහ මෙරට ආරක්ෂක අමාත්‍යාංශය අතර 2017 වර්ෂයේ අත්සන් කරන ලද ගිවිසුමට අනුව මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කරන ලද අති නවීන සන්නිවේදන පද්ධති සහිත වාහන, වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් යුද්ධ හමුදාව වෙත නිල වශයෙන් භාර‍ දීම යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේ දී (22) සිදුකරන ලදී.

යුවාන් මිලියන 45 කට (අ:ඩො : මිලියන 6.2 ) අධික වටිනාකමකින් යුතු මෙම සන්නිවේදන පද්ධතිය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් භාරගන්නා ලදී. මෙම සැම වාහනයක්ම අතිනවීන eLTE සන්නිවේදන පද්ධතියක්, කෙටි තරංග සන්නිවේදන පද්ධතියක් සහ හදිසි අවස්ථාවන්හිදී සජීවී තොරතුරු සන්නිවේදනය සඳහා උපකාර වන නියමුවන් රහිත යානා (DRONE) වලින් සමන්විතය. මෙම පද්ධති යොදා ගනිමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අණ හා පාලනය වඩාත් කාර්යක්‍ෂම ලෙස සහ ඒකාබද්ධ ලෙස ක්‍රියාත්මක කිරිමේ හැකියාව ලබාගැනීමට ශ්‍රිලංකා යුද්ධ හමුදාව වෙත අවස්ථාව උදාවෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments