මහනුවර ඇසළ පෙරහරේ සතර මහා දේවලවල පැවති පෙරහර සඳහා අලි ඇතුන්ගේ හිඟයක් පැවති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංවිධානයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි.
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.
ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළැඹෙන දිනය වීම නිකිණි පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන්ම බුදුරදුන්ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම ආදී කරුණු නිකිණි පොහොය දිනයේ සිදුවු වැදගත් සිදුවීම් අතර මුලික වේ.
