විශාල අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ජාවාරමෙි යෙදුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ් අනුව විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ උතුරු පලාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කේ.ජි.ජි.ජි. නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් පරික්ෂක ජේ.ඒ.ජි.එම්. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) වන දින උයිලන්කුලම පොලිස් වසමේ උයිලන්කුලම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03, ග්‍රෑම් 394 ක් සන්තකයේ තබාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
යමිකිසි අපරාධයකට සැරසුණු දෙදෙනෙකු යුධ හමුදා නිළ ඇඳුමි හා සන්නිවෙිදන උපකරණ සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව D කළාපයේ රාජකාරී නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී. රත්නවීර මහතාගේ මෙහෙයවීම මත, පොලිස් පරික්ෂක අර්.එම්.ඒ.එම්. විජේසුරිය ඇතුළු යතුරුපැදි සංචාරක කණ්ඩායමේ නිලධාරීන් (29) දෙමටගොඩ පොලිස් වසමේ බේස්ලයින් පාර, දෙමටගොඩ ගුවන්පාලම ආසන්නයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දෙමටගොඩ ගුවන් පාලම අසලදී ත්‍රිවිල් රථයක් පරික්ෂා කිරිමේදී යුධ හමුදා නිළ ඇදුමට සමාන කලිසමක්, යුධ හමුදාව භාවිතා කරන කැලෑ තොප්පියක් හා PROLAB වර්ගයේ අත් යන්ත්‍ර 03 ක් එම බැටරි 03 ක් හා බැටරි ආරෝපන යන්ත්‍ර 02 ක් සමග මහරගම හා කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41, 45, වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ගබ්සාවන් සිදු කිරීමට යොදාගන්නා නීති විරෝධි ඖෂධ මුදලට අලෙවි කිරිමට සුදානම්න් සිටි කාන්තාවක් PREGAB මත්කරල් ද සමග විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බි.එස්.එන්. ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඊ.ඒ.එම්. දයාරත්න මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ජි.ජි.වයි.ආර්. දායාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.08.29 වන දින අනුරාධපුර පොලිස් වසමේ අංක 241/10, මිහින්තලා හංදිය දුම්රිය ස්ථානය අසල, යාපනය හංදිය යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස PREGAB මත්කරල් 30 ක් හා ගබ්සාවන් සිදු කිරීමට යොදාගන්නා නීති විරෝධි ඖෂධ පෙති 09 ක් මුදලට අලෙවි කිරිමට සුදානම්කර සිටි මිහින්තලා හංදිය දුම්රිය ස්ථානය අසල පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර දිස්ත්‍රීක් ආහාර හා ඖෂධ පරික්ෂක වෙත භාර දී ඇත.
නාවික හමුදා කැලැ නිළ ඇදුම්, කඩුවක් හා තහනම් පිහියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරු බල ප්‍රදේශය තුල ස්ථාපිත කර ඇති රත්ගම පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි වාර්ථා කර සිටින නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරි නිශාන්ත සිල්වා මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පී.පී.කේ. කුලරත්න මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරික්ෂක ඒ.පි. සරත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මීටියාගොඩ පොලිස් වසමේ පැරෑලිය උතුර, තෙල්වත්ත යන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කඩුවක් හා තහනම් පිහියක්ද නාවික හමුදා කැලැ නිළ ඇදුම් සන්තකයේ තබාගෙන සිටි තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නාවික හමුදා කෑලැ නිළ ඇදුම් හා නිළ ඇදුම් කොටස්,අත් දිග කෑලැ කමිස 04ක්, දිග කෑලැ කලිසම් 02ක්, කොට කෑලැ කලිසමක්, කෑලැ කැප් 02ක්, නිල් පාට නිළ ඇදුම් කැප් එකක්, කෑලැ නිළ ඇදුමට පළදින වෙබ් බෙල්ට්එකක්, කෑලැ බැනියම් 02ක්, නිල්පාට නිළ ඇදුමට පළදින බද පටියක්,ලි මිට සහිත කඩුවක්, තහනම් පිහියක් අත්අඩංගුවට ගෙන තිබේ.