21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2021 හා 2022 යන අධ්‍යයන වර්ෂවල...

 කළුතර දිස්ත්‍රික්කයේ හොරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2021 හා 2022 යන අධ්‍යයන වර්ෂවල සහතික පත් ප්‍රදානෝත්සවය

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2021 හා 2022 යන අධ්‍යයන වර්ෂ වල  මෝටර් රථ තාක්ෂණ ශිල්පි,දැව තාක්ෂණ ශිල්පි,මෝටර් රථ විදුලි කාර්මික ශිල්පි,ලෝහ පිරිසැකසුම් ශිල්පි,ශීතකරණ හා වායු සමීකරණ ශිල්පි, වෘත්තීය සූපවේදී, බේකරි ශිල්පි, රූපලාවන්‍ය හා කොණ්ඩ සැකසුම් ශිල්පි සහ ළමා රැකවරණ පාඨමාලාව යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි  පූර්ණකාලීන, අර්ධකාලීන  පාඨමාලා මෙන්ම RPL ක්‍රමවේදය යටතේ සහතිකපත් ලබාගත් යෞවන යෞවනියන් 159 දෙනෙක් උදෙසා නිපුණතා ප්‍රතිභා-2023 නමින් සහතිකපත් ප්‍රදානෝත්සවයක් 2023.08.24 වන දින හොරණ රාජකීය විද්‍යාලයීය  ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමන්, පුහුණු නිලධාරි තුමිය, දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන භාර නිලධාරීතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් පවත්වන්නට යෙදුණි.

මෙම අවස්ථාව සදහා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ නියෝජනය කරමින් අධ්‍යක්ෂ පුහුණු, අධ්‍යක්ෂ පරීක්ෂණ හා  ඇගයීම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ පරීක්ෂණ හා  ඇගයීම් මෙම අවස්ථාවට සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments