23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය දිනවා දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි-එක්සත් ජනරජ පෙරමුණේ සභාපති,...

සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය දිනවා දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි-එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා

සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දිනවීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගේ වගකීම බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. (31) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා;

“ලබන සතියේ වර්තමාන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගේනවා. අපට දැනට ලැබී තියෙන ආරංචිය හැටියට මෙය හය හත අට දිනවල විවාදයට ගෙන ඒමට නියමිතයි. මේ විශ්වාසභංග යෝජනාව ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වන්නේ කොහොමද?. ලංකාවේ අද වෙනකොට ලෝකයට ඉදිරිපත් කරන්නට හැකි සේවාවන් ටිකක් තියෙනවා නම් ඒ තමයි නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපනය, මෙයින් අද වෙනකොට නිදහස් සෞඛ්‍ය සේවය වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමාගේ ක්‍රියාමාර්ග නිසා බරපතළ ලෙස අර්බුදයට ලක්වෙලා තිබෙන තත්ත්වයක් යටතේ තමයි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ලංකාවේ මුලසිටම පැවතියේ නොමිලේ සෞඛ්‍ය සේවයක්. මේ සෞඛ්‍ය සේවය ගැන ලංකාවේ මිනිස්සුන්ගේ බරපතල විශ්වාසයක් තිබුනා. ලෝකයේ පවා විශිෂ්ට ලෙස ඇගයීමට ලක් කරලා තිබෙන සෞඛ්‍ය සේවාවක්. විශේෂයෙන්ම ඉතාමත්ම අඩු වියදමින් ඉතාමත්ම හොඳ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන රටක් හැටියට ලෝකයේ විවිධ සංවිධානවල විවිධ රටවල ප්‍රශංසාවට ලක්වෙලා තිබූ සෞඛ්‍ය සේවයක් තමයි අපිට තියෙන්නේ අද වෙනකන්.

මේ සෞඛ්‍ය සේවය පසුගිය වසර පමණ කාලය තුල කරන ලද විකාරරූපී ක්‍රියාවන් නිසා බරපතල ලෙස අර්බුදයට ලක් වෙලා තියෙනවා. මේ විකාරරූපී ක්‍රියාවන් වලින් කිහිපයක් තමයි අද ඇතිවෙලා තියෙන මේ ඖෂධ හිඟය. ඊළඟට ඖෂධ වල තත්වය පිළිබඳව ඇතිවෙලා තියෙන අර්බුදය. තුන්වෙනුව වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සෞඛ්‍ය සේවාව හැර යාමේ තත්ත්වය. මේ ප්‍රශ්න තුනටම වගකිව යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි අපගේ වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා. ඒ වගේම මේ ප්‍රශ්න පිළිබඳව මේ රටේ රෝගීන්, මේ රටේ මහජනතාව, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන්, විවිධ වෘත්තිකයන් සියලුම දෙනා ප්‍රශ්න නගලා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ජනමතයක් ගොඩනගන්න හදලා තියෙනවා. ඒ කිසි දෙයක් ඉදිරියේ නොසැලී කිසිම ආකාරයක ලැජ්ජාවක් හෝ බයක් නොමැතිව තමන් මේ සෞඛ්‍ය ඇමති පදවියේ රැඳී සිටිනවාය කියන ප්‍රකාශය කරමින් ඉන්නවා මේ වෙනකොට අපගේ සෞඛ්‍ය ඇමතිතුමා.

සෞඛ්‍ය ඇමතිතුමා මේ සියලු අර්බුද හමුවේ මේ කිසිම අර්බුදයක් ගැන තමන්ගේ වගකීම ප්‍රකාශ නො කොට මේ කිසිම අර්බුදයකට තමන් දෙන තමන් දෙන විසඳුම ගැන ප්‍රකාශයට පත් නො කොට තමන් වැඩිදුරටත් මේ සෞඛ්‍ය ඇමැති පදවියේ රැඳී සිටිනවාය කියන එක කියමින් ඉන්නවා. මේ කරුණු උඩ තමයි එතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයට සිදුවෙලා තියෙන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments