23.1 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මම පක්ෂයට කිසිදු හානියක් කර නැහැ-පා.ම. දයාසිරි ජයසේකර

මම පක්ෂයට කිසිදු හානියක් කර නැහැ-පා.ම. දයාසිරි ජයසේකර

මම පක්ෂයට කිසිදු හානියක් කර නැහැ. මම එතුමාට පියෙකුට වගේ සැලකුවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර මහතා ඒ බව පැවසීය.

(06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීය……..
“මට අදහගන්න බැරුව ගියා.. මොකක්ද මේ හේතුව කියලා. පිරිසකට අවශ්‍ය වෙලා තිබෙනවා.. මේ පක්ෂය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවෝ විදියට හේත්තු කරන්න. අවසානයේ වුණේ පක්ෂය ආරක්ෂා කරපු මාව එළියට දැම්මා. මම කනගාටු වෙන්නේ නැහැ. මෙවැනි තීරණ අපේ සභාපතිතුමා ඉතිහාසයෙත් අරගෙන තිබෙනවා. මම පක්ෂය දාලා යන්නේ නැහැ.”

“පක්ෂ සභාපතිතුමාගේ යම් භීතියක් තිබුණා… මම පක්ෂයේ බලය අල්ලයි කියලා. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. ඊයෙත් අපි දෙන්නා එකතු වෙලා කතා කරලා ගියේ පාර්ලිමේන්තුවේ. රෑ වෙනකොට මගේ බෙල්ල කපයි කියලා මම හිතුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට මම තාත්තා කෙනෙකුට වගෙයි ආදරය කළේ. තාත්තලා පුතාලගේ බෙල්ල කපන්නේ ඇයි කියලා තමයි ප්‍රශ්නය තියෙන්නේ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

“පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. එයා කරන අනං මනං වැඩ නතර කරගෙන අපිත් එක්ක එකඟත්වයකට ආවා නම් පක්ෂයට එන්න පුළුවන්. අපි භාර ගන්නවා. හැබැයි ලේකම් තනතුරට නෙමෙයි. ළඟින්ම ඉන්න එක්කෙනාගෙන් තමයි.. ඉතින්.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments