විශේෂ කාර්ය බළකායේ 39 වන රනවිරු ගුන සැමරුම මහනුවර දළදා මාලිගාව අභියස දී පොලිස් විශේෂ කාර්ය බලකායෙ අනදෙන නිළධාරි නියෝජ්‍ය පොලිස් පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදේශකත්වයෙන් හා මග පෙන්විම යටතේ කළාප අනදෙන නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශේද ප්‍රනාන්‍දු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ රණවිරු පවුල් වල සාමාජිකයන් ගේ සහභාගීත්වයෙන් (05) පැවැත්විණි.
මවිබිමෙ භෞමික අඛණ්ඩතාවය සහ සෛවරිභාවය වෙනුවෙන් දිවි පිදු පොලිස් විශේෂ කාර්ය බලකායෙ රනවිරුවන් 464ක්ද, සුලු කමිකරු මහතුන් 06 දෙනෙක් , සහ ආබාධිත රනවිරුවන් 744 දෙනෙකු සිහිකර දළදා සමිදුන් හට පුෂ්පෝපාහාර දැක්වීම සහ සංඝගත දක්ෂිනාවක් ද පවත්වන ලදි.
එමෙන්ම රනවිරු පවුල් වල දුවාදරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම ද සිදු කරන ලදි.


