23.1 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ජයග්‍රාහි වාර්තා අතරට....

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ජයග්‍රාහි වාර්තා අතරට….

ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම (06) සමත්වී තිබුණි.

ඒ, ඊයේ පැවති තෙවන 20/20 තරගය කඩුලු 7කින් ජයගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 116ක් පමණි.

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළාය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments