වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් පරිදි අත්කම්, සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිත සියලුම ආකාරයේ ව්‍යපාරික කටයුතු වල නිරත වන ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන ණය මුදල් සැපයීම ඇතුළු මූල්‍යයමය ආධාර, උපදේශන සේවා, වෙළෙඳපොළ හදුන්වාදීමට මඟපෙන්වීම යන කාර්යයන් වෙනුවෙන් සීමාසහිත සමස්ත ලංකා ව්‍යවසායක සංවර්ධන සමූපකාර සමිතියේ ජා ඇළ කණුවන ශාඛාව විවෘත කිරීම (06) වනදා වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
රටට අවශ්‍ය නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවෙන්, ජනතාවගේ ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සක්‍රීය ලෙස දායක කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා මෙම සමිතිය බලාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ. ජා ඇළ නගරය මුල් කරගනිමින් ඇරඹි මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කර මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීම අරමුණයි.
මෙම අවස්ථාව සදහා ජා ඇළ හිටපු ප්‍රාදේශීය සභාපති ලලිත් නිශාන්ත අබේවික්‍රම, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඩිල්ශාන් ජයවර්ධන, ජා ඇළ ප්‍රාදේශීය හා නගර සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් සහභාගී වුහ.