මේ වසරේ ජූලි 13 වෙනිදා මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධව පොලිස් මූලස්ථානයටත් අමාත්‍යංශයටත් වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමා විසින් පත් කර තිබෙනවා. මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යංශයත් පොලිස්පතිතුමාත් බලපොරොත්තු වන්නේ පසුගිය මාස කිහිපය තුළ යළි ඉස්මතු වීමට තැත්කරන සංවිධානාත්මක අපරාධ කල්ලි සහ ඒ හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සහ කෙටිකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග සහ දීර්ඝ කාලීනව ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධ
අධ්‍යයනය කරලා ඒසම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර පොලිසිය හරහා ඒවා ක්‍රියාත්මක කිරීමයි.
පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ මේ රටේ වෙච්ච හැම සංවිධානාත්මක අපරාධයකම, ඒවට ගෑවිච්ච හැම පුද්ගලයෙක්ගෙම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක අවශ්‍යතාව අපට පෙනී ගියා. අපිට දත්ත පද්ධතියක් තියෙනවා. නමුත් එහි අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම නිසා තමයි ඒවට සම්බන්ධ පුද්ගලයින්ට පොලීසියේ පරිපාලනයෙන් එහෙම නැත්තං පොලීසියේ අධිකාරියෙන් මිදිලා රටේ තැං තැංවල සැඟවිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස තුන ඇතුළත අංග සම්පූර්ණ ඩේටා බේස් එකක්. මේ අයගේ ඥාතීන්, මේ අය නවාතැන්ගන්න ස්ථාන සියලු සුළමුල ඇතුළත්. අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාගෙන තියනවා දැං. කවු ද මේ රටේ පහුගිය අවුරුදු 10 තුළ සංවිධානාත්මක අපරාධ වැඩ කරපු සංවිධානාත්මක අපරාධකරුවෝ, ඒ අයගෙන් කවු ද ව්‍යාජ පාස්පෝට් හදාගෙන රට ගිහිල්ලා තියෙන්නේ. ඒ සෑම කෙනෙක් සම්බන්ධවම ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගෙන ඒ අයව ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. පහුගිය අවුරුදු පහ තුළ මේ රටේ සිද්ධ වෙච්ච සංවිධානාත්මක අපරාධවලින් නොවිසඳුණු තත්ත්වයේ ඒවා විශේෂයෙන් බස්නාහිර පළාත සහ දකුණු පළාත. හැම එකක් සම්බන්ධයෙන්ම යළි ඉන්වෙස්ටිගේෂන් එහෙමත් නැත්තං විමර්ශන පටං ගත්තා. අපි අඳුරගෙන තියනවා බන්ධනාගාරගතව ඉන්න දැනට අපරාධ මෙහෙයවන පුද්ගලයො කවුද කියලා. මේ අයට ප්‍රිසන් එක ඇතුළෙ ඉඳලා ඉවර වෙලා හෑන්ඩ් ෆෝන් එකෙං අපරාධ මෙහෙයවන්න තියන අවකාශය මුළුමනින්ම නැතිකරන්න ඉදිරි මාස කිහිපය තුළ අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියනවා.
නොවිසඳුනු අපරාධ සහා බරපතල මනුෂ්‍ය ඝාතන සියල්ල සම්බන්ධයෙන්ම යළි විමර්ශන ආරම්භ කර තිබේනවා. අදාල පොලිසිවල ස්ථානාධිපතිවරුන්ටත් විශේෂිත විමර්ශන අංශ වලටත් මාස තුනක කාලයක් ලබා දී තිබෙනවා ඒසම්බන්ධ අපරාධ කරුවන් සහ ඒ බැදුනු අවි ආයුධ අත්අඩංගුවට ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
දැනට විදේශ ගතව සිටින අපරාධ කරුවන් අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, බුද්ධි අංශ, ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධවෙලා නැවත මේ අපරාධ කරුවන් රටට ගෙන ඒමට අවශ්‍ය සහය ජාත්‍යන්තර පොලිසියෙන් ලබාගෙන ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා.
අපරාධකරුවන් උපයා ගෙන ඇති සියලු මුදල් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන අංශය ලවා විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සියලු මුදල් වත්කම් රාජසන්තක කිරීම සිදුකරනවා.
පසුගිය මාස තුන ඇතුලත ගිනි අවි භාවිතා කර මේ රට තුළ සිදුවීම් 42ක් වී තිබෙනවා. එයින් 22ක් මනුෂ්‍ය ඝාතන, 17ක් බරපතල තුවාල සිදුකිරීම්,03ක් වෙනත් දෙපල හානිවීමය.
මෙම ගිනි අවි භාවිතා වලින් 11ක් බෙහෙත් කොටන තුවක්කු සහ බෝර 12තුවක්කු වලින් සිදුව ඇති අතර ටී56, පිස්තෝල, ස්වයංක්‍රීය ආයුධ භාවිතා කර අපරාධ 31 වී තිබෙනවා. ඒ අපරාධවලින් 16ක් සිදුවී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. දකුණු පළාතෙන් 06ක්, ඌව පළාතෙන් එකක්, උයඹ පළාතෙන් එකක්, සබරගමුව පළතෙන් එකක්, උතුරු පළතෙන් දෙකක් වශයෙන් මේවා සිදුව තිබේ. මෙම 31දී මනුෂ්‍ය ඝාතන 17ක්, බරපතල තුවාල සිදුකිරීම් 14යි, ඒවායින් ටී 56අවි අවස්ථා දහයකදීත් පිස්තෝල අවි අවස්ථා දොළහකදීත් හඳුනානොගත් ආයුධ අවස්ථා නමයකදී භාවිතා වී තිබේ.
මෙම ගිනි අවි භාවිතා කිරීම් වලදී වෙඩික්කරුවන් ලෙස ක්‍රියා කළ පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නමයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය සමග ඇතිවූ ගැටීම් වලින් මියගොස් තිබෙනවා. තව 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. තව පුද්ගලයෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා.
මේ අපරාධ 31න් 17ක් ම එක් සංවිධානාත්මක අපරාධ කල්ලියක් සහ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලියක් නැතහොත් කඩු බිස්නස් කරන කල්ලියක් අතර ඇතිවූ එදිරිවාදිකම් පිරිමහා ගන්න සිදුකළ බවට හඳුනාගෙන තිබෙනවා. තවත් 14ක් වෙනත් පෞද්ගලික මට්ටමේ ප්‍රශ්න වලට සිදුවූ බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අපරාධ සඳහා භාවිතා කළ වාහන ගිනි අවි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අවස්ථාවට පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව,පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර යන මහත්වරුද එක්ව සිටියහ.