23.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsමහාපරිමාණයේ පාතාලයන් හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහාපරිමාණයේ පාතාලයන් හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නිපුන සහ චාමරගේ ප්‍රධාන ගෝලයකු වන කපා කොටා ඝාතන කරන්නා ලෙස ප්‍රසිද්දියට පත් කන්නයියා T 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත T කටස් වර්ගයේ අවියක් සහ හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත. ඒ් අනුව එම කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි ස්ථානාධිපති පො.ප. පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.09.08 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 86/32, මහවත්ත පාර, කොළඹ 14 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මනුෂ්‍ය ඝාතන සහ කපා කොටා තුවාල සිදුකිරීම් සිදුකරනු ලබන ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නිපුන සහ චාමරගේ ප්‍රධාන ගෝලයකු නීති විරෝධී ලෙස මෙරට නිෂ්පාදනය කරනු ලැබූ T කටස් වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදනු ලබන T 56 උණ්ඩ 05 ක් සහ හෙරොයින් ග්‍රෑම් 31 මිලි ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි මට්ටක්කුළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු පහත සදහන් මනුෂ්‍ය ඝාතන හා කපා කොටා තුවාල සිදුකර ඇත.
2022 ජනවාරී මස දිනක දී පල්ලිය වත්තේ ඉෂාර නැමැත්තා කපා කොටා ඝාතනය කිරීම,2022 ඔක්තොම්බර් මස 06 වන දින සුරංගි යන කාන්තාවක් පිහියෙන් ඇණ ඝාතනය කිරීම,2021 වර්ෂයේදී වැලිගොඩ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා තුවාල සිදු කිරීම,2021 වර්ෂයේ දී මට්ටක්කුළිය කෑම්ප් එකේ වත්තේ පුද්ගලයෙකුට පිහියෙන් ඇණ තුවාල සිදු කිරීම,2021 වර්ෂයේ දී රුමේෂ් නැමැති පුද්ගලයා සමග එක්ව තරංග නැමැති පුද්ගලයාව මට්ටක්කූළිය කෑම්ප් එක වත්තෙදී කපා කොටා පිහියෙන් ඇණ තුවාල සිදු කිරීම,2023.03.30 වන දින අලි වත්තේ අසිතගේ මාමා කපා කොටා ඝාතනය කිරීම,2023 වර්ෂයේදී බේරුවල ප්‍රදේශයේ දී රම්සි යන අයට මන්නයකින් කපා කොටා තුවාල සිදු කිරීම,2023 වර්ෂයේ අගෝස්තු 24 වන දින මට්ටක්කූලිය ප්‍රදේශයේ දී මුස්ලිම් පුද්ගලයෙකු කපා කොටා තුවාල සිදු කිරීම.

දිගු කලෙක සිට කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදිය සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) දෙමටගොඩ පොලිස් වසමේ අංක 90, වේළුවන පාර, දෙමටගොඩ, කොළඹ 09 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 950 ක් සන්තකයේ තබාගෙන සිටි වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ක පුද්ගලයකු සහ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබල දුන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයකු ජංගම දුරකථන 02ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දිගු කලෙක සිට ඈෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කුඩු රොෂාන්ගේ ගෝලයකු සහ තොටලග ඉන්දිකගේ ගෝලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් අගෝස්තු (28 )බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කුරුඳුවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් වල විහාරමහදේවි උධ්‍යානයේ මින්මැදුර අසල දී සහ ජයමග සෙවන නිවාස සංකීර්ණය A මහල අසල දී වැටලීම් සිදුකර ඇත.
එහි දී ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු සහ ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 සන්තකයේ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු කුරුඳුවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.
සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන තුප්පැහි ආරච්චිගේ ප්‍රසාද් රුවන් කුමාර නොහොත් කුඩු රොෂාන් යන අය සමග සම්බන්ධතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments