ආරක්ෂක අමාත්‍යාංශය, චැනල් 4 වීඩියෝව හරහා එල්ල කරන අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම කරුණු අවධාරණය කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහනක් හරහා මෙම චෝදනා එල්ල කර තිබිණි.
මේ අතර සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත අවධාරණය කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය හරහා ප්‍රකාශ කරයි.
එසේම, ආරක්ෂක අමාත්‍යාංශය, ඕනෑම පුද්ගලයකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බව ද නිවේදනයේ සඳහන්ය.
කෙසේ නමුත් චැනල් 4 නාලිකාව මඟින් ඉදිරිපත් කරන ලද පදනම් විරහිත, ද්වේශ සහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා චැනල් 4 නිසැකවම වගකිව යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය තරයේ කියා සිටී.