දිගු කලෙක සිට අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙසෙල්වත්ත දිනුකගේ ප්‍රධාන ගෝලයකු වන කෙසෙල්වත්ත කසුන්ගේ ගෝලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ් අනුව විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මෙහෙයවීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) වත්තල පොලිස් වසමේ අංක 4/67, දික්ඕවිට, හැදල, වත්තල ලිපිනයේ දී වැටලීමක් සිදුකර තිබේ.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 මිලි ග්‍රෑම් 250 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 100 ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි හැදල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙසෙල්වත්ත දිනුක කණ්ඩායමේ සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත කසුන් යන අය සමග සම්බන්ධතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
රජයේ අනුමත මත්පැන් ප්‍රමාණය ඉක්මවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මත්පැන් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී වි.සි.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත හපුතලේ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් හපුතලේ පොලිස් වසමේ හපුතලේ දඹේතැන්න මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව රජයේ මත්පැන් ප්‍රමාණය ඉක්මවා ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි හපුතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු එම නීති මත්පැන් මිලි ලීටර් 750 ප්‍රමාණයේ විශේෂ අරක්කු බෝතල් 25 ක්, මිලි ලීටර් 180 ප්‍රමාණයේ විශේෂ අරක්කු බෝතල් 30 ක් සහ මිලි ලීටර් 625 ප්‍රමාණයේ ලයන් ස්ට්‍රෝන්ග් බියර් බෝතල් 20 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු හපුතලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හොර පාරෙන් මෙරටට ගෙන් වූ තවත් නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම පොලිස් වසමේ අංක 231/1, කෝපියවත්ත, රාගම ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දීර්ග කාලයක සිට තීරුබදු රහිතව ආනයනය කරන ලද නීති විරෝධී Manchester දුම්වැටි 440 ක් සහ Argos දුම්වැටි 180 ක් සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.