22.4 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්අද දුම්රිය වාර හතළියක් පමණක් ධාවනය කෙරේ- දුම්රිය දෙපාර්තමේන්තුව

අද දුම්රිය වාර හතළියක් පමණක් ධාවනය කෙරේ- දුම්රිය දෙපාර්තමේන්තුව

අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04ක් ද ධාවනය කිරීමට නියමිතය.

කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක් ධාවන කෙරෙනු ඇත.

දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්‍යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා,

“දුම්රිය රියදුරන් විසින් ඊයේ දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීත් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් රියදුරන්ගෙන් කොටසක් මේ වනවිට රාජකාරියේ නිරතවන නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අද දිනයේ දුම්රිය ගමන්වාර 50ක් පමණ ක්‍රියාත්මක කරලා තියෙනවා උදෑසන කාලයේ. ඔවුන් වර්ජනය කොපමණ දිනයක් ක්‍රියාත්මක කරනවා ද කියලා හරියට තොරතුරු ලබාදීලා නැති නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දින වර්ජනය අවසන් කරලා සේවයට වාර්තා කරයි කියලා. නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.”

මේ අතර දුම්රිය සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (12) පස්වරුවේ නිකුත් කර ඇත.

මඟින් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, දුම්රිය මාර්ග මඟින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම මෙලෙස අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් ආරම්භකර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.

දුම්රිය රියදුරන් 84 දෙනෙකු විසින් මෙම වර්ජනය පසුගිය සඳුදු මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරුණි.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම මඟින් තම වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments