21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්police newsප්‍රබල පාතාලයන් අවි හා මත්ද්‍රව්‍ය සමග එස්.ටි.එෆ්.අත්අංගුවට.

ප්‍රබල පාතාලයන් අවි හා මත්ද්‍රව්‍ය සමග එස්.ටි.එෆ්.අත්අංගුවට.

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හීනටියන මහේෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනිම් හා වැටලිම් සිදුකර ඇත.
ඒ් අනුව විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි උප පොලිස් පරික්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) කටාන පොලිස් වසමේ කටාන දිවුලපිටිය මාර්ගයේ, දිසාගේ වත්ත ප්‍රදේශයේ පිහිටි VISION SALON ආයතනය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 41 ක මීගමුව පාර, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන හීනටියන මහේෂ් යන අය ඩුබායි රාජ්‍යෙය් රැදී සිටිමින් මෙරට සිදුකරනු ලැබන වෙඩි තැබිම් හා මත්ද්‍රව්‍ය ජාවරම් සදහා සහයෝගය දක්වන ප්‍රධානතම ගෝලයෙකු බවට අනාවරණය වූ අතර මොහු හට 2019 වසරේ දී හෙරොයින් සමග අත්අඩංගුවට පත්ව මීගමුව මහ උසාවිය, බන්ධනාගාරය තුල ජංගම දුරකථන භාවිතය සම්බන්ධව මීගමුව මහ උසාවිය, 2015 වසරේදී නිධානයක් ගොඩගැනීම සම්බන්ධව කුලියාපිටිය මහ උසාවිය, සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා වෙඩික්කරුවෙකු වන බුරුමුනා නැමැතිතාට මෙරටින් පලා යැමට උදවු කරීම සම්බන්ධව මීගමුව මහ උසාවිය යන උසාවි වල නඩු පවතී.

රත්මලාන ප්‍රදේශයේ ඉකුත් (10) නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකු හට වෙඩි තබා තුවාල සිදු කල වෙඩික්කරුවන්ට ඒ සදහා උදවු උපකාර කල පයාගල බිංදු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය විශේෂ වැටලීම් ඒකකයෙහි (කොළඹ කළාපය) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ වැටලීම් ඒකකයෙහි ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස්.එච්. පීරීස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.09.16 වන දින පයාගල පොලිස් වසමේ ජාතික නිවාස, උතුරු පයාගල, පයාගල යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉකුත් (10) රත්මලාන ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකු හට වෙඩි තබා තුවාල සිදු කල වෙඩික්කරුවන් ඇතුළු පිරිසට පලායෑම සදහා කාර් රථයක් ලබා දීමත්, වෙඩික්කරුවන් පලාගිය පසු කාර් රථය රැගෙන තැවත පැමිණීම සහ අදාල වෙඩි තැබීම සදහා ආධාර අනුබල ලබා දීම සහ හෙරොයින් සන්තකයේ තබා සිටියදී අත්අඩංගුව ගත්, සංවිධානාත්මක අපාරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන තරංග මදුමාල් නොහොත් පයාගල තොරා යන අයගේ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම මෙහෙයවන උතුරු පයාගල, පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 වන පයාගල බිංදු යන අය හෙරොයින් ග්‍රෑම් 05 ක්, ජංගම දුරකථනයක් සහ කාර් රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ප්‍රියන්තගේ උපදෙස් මත පසුගියදා රත්මලාන ඥානේන්ද්‍රාරාම පාරේ නිවෙසකට වෙඩිතැබිමේ සිදුවීමට අදාල පිස්තෝල අවිය, උණ්ඩ, භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ I හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) මීගොඩ පොලිස් වසමේ අංක 416/04/01, ඕවිටිගල, මීගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉකුත් (10) රත්මලාන අංජුගේ සමීපතමයෙකු වන විමුක්ති නුවන් සම්පත් පෙරේරා සහ නෝන අමල් යන අයට රත්මලාන ඥානේන්ද්‍ර පාරේ විජයාරාම විහාරස්ථානය අසල දුම්රිය මාර්ගයට යාබදව වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම සඳහා යොදා ගන්නා ලද පිස්තෝල අවිය ඇතුළු උපාංග සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 47 ක මීගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ එම වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර් රථය සැඟවීම සඳහා ආධාර අනුබල දුන් වයස අවුරුදු 28 ක නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද අවිය ඇතුළු උපාංග හා වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර් රථය සැගවීම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට ඩුබායි සිටින ප්‍රියන්තගේ සමීපතම ගෝලයින් ලෙස කටයුතු කරනු ලබන මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රියන්තගේ උපදෙස් පරිදි මෙය සිදුකර ඇත.
මෙම එක් සැකකරුවකු ලංකා මානව හිමිකම් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිළධාරී ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබන අතර, මෙම වෙඩි තැබීම සදහා යොදා ගන්නා ලද පිස්තෝල අවිය සහ අනෙකුත් භාණ්ඩ සන්තකයේ තබා ගැනීමට හා වෙඩි තැබීම සදහා පැමිණි අංක CAM 5111 දරණ මෝටර් රථය සැගවීම සදහා සහය වී ඇත.
අනෙක් සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව සිට ඇත. මෝටර් රථය සැඟවීම සදහා සහාය වී මෙම අපරාධය සදහා අනුබල ලබා දී ඇත.

තුර්කියේ නිෂ්පාදිත TISAS 30 ZIGANA F වර්ගයේ පිස්තෝල අවියක්,එම අවියට සවි කල හැකි පතුරම් ගැබ් එකක්, මි.මී. 09 වර්ගයේ ජීව උණ්ඩ 07ක්, අත්විලංගු ජෝඩු 02 ක් හා එම යතුරක්, කිනිස්සක්. ජංගම දුරකතනයක්,රජයේ ඉහල නිලධාරීන් සමග සම්බන්ධතා ඇති බවට පවසා රැකියා ලබා දිය හැකි බවට විවිධ පුද්ගලයින් හට පවසන ලද සංවාද ඇතුලත් සංයුක්ත තැටියක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments