29.1 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්යාලවල දැනට පිහිටා ඇති පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශ මගින් ස්වාධීන...

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්යාලවල දැනට පිහිටා ඇති පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශ මගින් ස්වාධීන රජයේ නිලධාරීන් ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් මගින් අධිකාරිය වෙත දැනට පැවරි ඇති විමර්ශන කිරිමේ බලය විමධ්‍යගත කිරිමේ හැකියාව සොයා බැලේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්යාලවල දැනට පිහිටා ඇති පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශ මගින් ස්වාධීන රජයේ නිලධාරීන් ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් මගින් අධිකාරිය වෙත දැනට පැවරි ඇති විමර්ශන කිරිමේ බලය විමධ්‍යගත කිරිමේ හැකියාව සොයා බලන “පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත පාරිභෝගිකයින් යොමුකරන සහන පැමිණිලි විමර්ශනය විධිමත් කිරිම”

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ මූලික අරමුණ වන පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සදහා පනතේ 8වෙනි වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත පාරිභෝගික සහන පැමිණිලි විමර්ශන කිරිමේ බලය ලැබි ඇත.

පාරිභෝගිකයන් විසින් යොමුකරන පැමිණිලි සදහා සිදුකරන විමර්ශන වෙනුවෙන් රටේ ඕනම තැනක සිට ප්‍රධාන කාර්‍යාලයට පැමිණිය යුතුවේ. එසේම මේ වන විට විමර්ශන කටයුතු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇත. එසේ හෙයින් 2003 අංක 9 දරණ පනතේ පාරිභෝගිකයන් හට සහන සැලැස්විමේ අරමුණ කඩ වී ඇත.

මේ පිළිබඳ සලකා බැලු වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඇමැතිතුමා මෙම විමර්ශන සිදුකිරිමේ ක්‍රියාවලිය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්යාලවල දැනට පිහිටා ඇති පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශ මගින් ස්වාධීන රජයේ නිලධාරීන් ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් මගින් අධිකාරිය වෙත දැනට පැවරි ඇති විමර්ශන කිරිමේ බලය විමධ්‍යගත කිරිමේ හැකියාව සොයා බලන ලෙසත් ඒ පිළිබඳ ක්‍රියාවලිය සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් පාරිභෝගික අධිකාරියේ කළමනාකාරිත්වය වෙත ලබා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නීති අංශය විසින් ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටිය ඉදිරිපත් කර ඇති අතර ඒ සදහා නීති ආධාර කොමිසමේ නීති නිලධාරීන් සහ සහකාර දිස්ත්‍රික්ක ලේකම් වරුන්ගේ සහය ලබා ගැනිම පිළිබද සොයා බලන ලද අතර ඒ අවස්ථාවේ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඇමැතිතුමා විසින් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ ඇමතිතුමා සමග ඇති කර ගත් එකගතාව මත නීති ආධාර කොමිසමේ නීති නිලධාරීන් සහ සහකාර දිස්ත්‍රික් ලේකම් වරුන්ගේ සහයෝගය ලබා දීමේ එකගතාවයෙන් නව ක්‍රමවේදය සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය ලබා දෙන ලදී.

එම විමර්ශන ක්‍රියාවලිය නිල වශයෙන් එළිදැක්වීම වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගරු නලින් ප්‍රනාන්දු සහ අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ යන මහතවරුන්ගේ ප්‍රධානත්වයෙන් නීතිවේදීන්ගේ, සහකාර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ පාරිභෝගික අධිකාරියේ සහකාර පළාත් අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments