විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුවි ඇත.
ඒ් අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල් විජයරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක ඩී.එම්.එන්.එල්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) මුල්ලේරියාව පොලිස් වසමේ අංක 1A, අඹතලේ හංදිය, අංගොඩ ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉතාලියේ නිෂ්පාදිත BRUNI MOD 92 වර්ගයේ මි.මී. 08 උණ්ඩ යෙදිය හැකි අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල අවියක් හා එම අවියට සවි කල හැකි පතුරම් ගැබ් 01 ක් සන්තකයේ තබාගෙන සිට යම් අපරාදයක් සදහා සැරසෙමින් සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 වන විදාන මුදියන්සේලාගේ ප්‍රියන්ත සිරිනන්ද නොහොත් චැලි සුදු යන අය අත්අඩංගුවට ගෙන සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මුල්ලේරියාව පොලිස්ථානය වෙත වෙත ඉදිරිපත් කර ඇත.
බලපත්‍ර නොමැතිව ඇමෙරිකාවෙ නිෂ්පාදිත නවීන බෝර 12 ගිනි අවියක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී වත්තේගෙදර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.09.19 වන දින දෙහිඕවිට පොලිස් වසමේ අංක 06/1, අමුදෙණිය, දෙහිඕවිට යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඕවිට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද, මෙම පුද්ගලයා 2006 වර්ෂයේ දෙහිඕවිට දිගන හංදිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකර ඇති මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට දෙහිඕවිට පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාස 06 ක කාලයක් කුරුවිට බන්ධනාගාරයේ බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු බවටද කරුණු අනාවරණය විය.
ඉතාම සුක්ෂම අයුරින් රහසිගතව වගා කරනු ලැබු මහා පරිමාණ ගංජා හේනක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එල්.එන්.ඩී. මොල්ලිගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) හම්බෙගමුව පොලිස් වසමේ ගල්හිරා මංකඩ, වේලි ඔය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස ඉතාම සුක්ෂම රහසිගතව පවත්වාගෙන ගිය අක්කර ½ පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබු ගංජා ගස් 3,000 ක් හා ගංජා පැළ 25,000 ක් සමග හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කර ඇත
මහා පරිමාණ සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීම සඳහා සුදානම්ව සිටි දෙදෙනෙකු නීති විරෝධි මත්පැන් සහ තියුණු ආයුධ රැසක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කැලණිය කඳවුරේ ස්ථාපිත දිවයිනේ බස්නාහිර පළාත A කළාපය තුල සිදුවන අපරාධ මර්ධනය සදහා අනුයුක්ත නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක ඒ.එම්.යු.ඒ. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 164, ෆර්ගියුෂන් පාර, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහිදි මහා පරිමාණ සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීම සඳහා සුදානම්ව සිටි කොළඹ 15, සහ කල්මුණේ 02 යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30- 44 වන පුද්ගලයන් දෙදෙනෙකු තියුණ ආයුධ යකඩ කඩු 06 ක් සහ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 15,000 සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.