23.1 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeක්‍රීඩා පුවත්එක්සත් රාජධානියේ රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයින්ගේ සටනින් රිච්මන්ඩ් විද්‍යාලයට විශිෂ්ට ජයක් !

එක්සත් රාජධානියේ රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයින්ගේ සටනින් රිච්මන්ඩ් විද්‍යාලයට විශිෂ්ට ජයක් !

එක්සත් රාජධානියේ රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයින්ගේ සටනින් රිච්මන්ඩ් විද්‍යාලයට විශිෂ්ට ජයක් !
1992 වසරේ සිට අඛන්ඩව වසර තිහක් පුරා පැවැත්නෙන එක්සත් රාජධානියේ රිච්මන්ඩ් සහ මහින්ද විද්‍යාල ආදිශිෂය්‍යයින් අතර මහා ක්‍රිකට් තරඟය මෙවරත් එංගලන්තයේ බකිංහැම්හි ඇමර්ෂම් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයෙ (Amersham Cricket Club) දී පසුගිය සැප්තැම්බර් 09 වැනි සෙනසුරාදා පැවැත්විණි.

මෙහිදී තරගය කඩුලු 5කින් ජයගත් රිච්මන්ඩ් විද්‍යාලීය ආදි ශිෂ්‍ය කණ්ඩායම ඊ ආර් විජේසූරිය අභියෝගත කුසලානය දිනා ගැනීමට සමත්විය. පළමුව පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පන්දු ඕවර 30 අවසානයේ ලකුණු 135ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම අවසන් පන්දු ඕවරයේදී ලකුණු 136ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය. ලකුණු 6කට කඩුලු 3ක් දවා ගත් මහින්ද විද්‍යාලයේ විකුම් කලුදොර හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගත් අතර ලකුණු 45ක් සහ කඩුලු 2ක් දවා ගත් ඉන්ශාන් හාජි හොඳම පිතිකරුවාට හිමි සම්මානය මෙන්ම තරගයේ වීරයාට හිමි ඊ ආර් ද සිල්වා අභියෝගත කුසලානය ද දිනා ගැනීමට සමත් විය.

මෙම තරගයෙ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබීමට නම් රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු හෝ ආදි ශිෂ්‍යයකුගේ පුතෙකු විය යුතුය. ඒ අනුව මෙවර රිච්මන්ඩ් විද්‍යාලය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු ක්‍රීඩක සහ පන්දු යැවීම් පුහුණුකරුවෙකු වන චම්පක රාමනායක සහ ඔහුගේ පුත් ජනප්‍රිය පාසැල් ක්‍රිකට් ක්‍රීඩක සංදේශ් රාමනායක ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය.
වසර 118ක් පුරා දකුණෙ අගනගරය වුන ගාලු පුරවරයෙ දී පැවැත්වෙන රිච්මන්ඩ් සහ මහින්ද විද්‍යාල අතර මහා ක්‍රිකට් තරගය හෙවත් ආදරවන්තයින්ගේ සටන සිහිගන්වමින් එම සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් මෙම සුහද ක්‍රිකට් තරගය එංගලන්තයේ ෂාර්ඩිලොස් විලට මායිම්ව (Shardeloes Lake) චිල්ටන් කඳු වැටියේ (Chiltern Hills) ඉතා මනරම් භූමි භාගයක පිහිටි ඇමර්ෂම් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයෙදි (Amersham Cricket Club) විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments