සංචාරක නවාතැනක් වු සුන්දර ආරුගම්බේ ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කල අයෙකු කොකේන් සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය ලාහුගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඒ.එස්.සි. අශෝක මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ලාහුගල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඩී.එච්.එම්.එස්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) පොතුවිල් පොලිස් වසමේ (ෆාම් ගෝ හොලිඩේ ඉන්) ආරුගම්බේ, ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කොකේන් මත් කුඩු ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 300 හා (පිල්) වර්ගයේ මත්පෙති 110 ක් සමග ජාවාරමෙන් උපයා ගත් රුපියල් 140,000/= ක මුදලක් ද සමග සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි නුගදූව, ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ මත් ජාවාරම් කරුවෙකු හෙරොයින් සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ උප පොලිස් පරික්ෂක කේ.ඩී.එච්.කේ. ගයාන්ග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) කුරුණෑගල පොලිස් වසමේ වදුරාගල, ජයලත් මෝටර්ස් ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,360 හා (TRAMADOL) වර්ගයේ මත්පෙති 320 ක් සමග ජාවාරමෙන් උපයා ගත් රුපියල් 20,500 ක මුදලක් ද සමග සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි මාවතගම, පොතුහැර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉතා සූක්ෂම ලෙස බෝර 12 උණ්ඩ භාවිතා කර වෙඩි තැබිය හැකි දේශිය නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) බටපොල පොලිස් වසමේ පොල් හුන්නාව, බටපොල යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ෂොට් කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පොල්හුන්නාව, බටපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බටපොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම අවිය අපරාධ සදහා භාවිතා කර ඇතිද යන්න පිළිද වැඩිදුර විමර්ශන සිදු කරණු ලබයි.
හෙරෝයින් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, ජාවාරමෙි යෙදීමෙ වරදට පුද්ගලයකු සහ එයට අනුබල දීමෙ වරදට කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය කැගල්ල කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ව්ජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.09.30 වන දින රඹුක්කන පොලිස් වසමේ පරපේ හංදිය ප්රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරෝයින් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, ජාවාරමෙි යෙදීම වරදට කොස්ගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු හෙරෝයින් ග්රෑම් 07 මිලි ග්රෑම් 800ක් ද සමග අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්රශ්න කිරීමෙිදී මෙි සදහා අනුබල දුන් කොස්ගම ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩිදුරටත් කරුනු අනාවරණය වුවේ මෙම සැකකරුවන් ත්‍රිරෝද රථයෙන් දිගු කලෙක සිට හෙරොයින් ජාවාරමෙි යෙදී ඇතිබවයි.
