21.9 C
Sri Lanka
Wednesday, November 19, 2025
Homeදේශීය පුවත්දේශීය අල, ලොකු ලූනු, හා රතු ලූනු ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස්...

දේශීය අල, ලොකු ලූනු, හා රතු ලූනු ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් යන ආයතන විසින් මිලදී ගැනීම.

අපේ රටේ ගොවි ජනතාවගේ ගොවි නිෂ්පාදන අතරින් දේශීය අල, ලොකු ලූනු, හා රතු ලූනු, ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් යන ආයතන විසින් මිලදී ගැනීම සඳහා වූ එකඟතාවයක් තුළ මිලක් නියම කරමින් 2025 ඔක්තෝබර් මස 02 දින සිට අල, ලොකු ලූනු සහ රතු ලූණු වගා කරන ප්‍රදේශ වල, එම ආයතන වලට අදාල මධ්‍යස්ථානයන් වලදී පහත සඳහන් මිල ගණන් යටතේ මිල දී ගනු ලැබේ.දේශීය අල කිලෝව රු. 210
ලොකු ලූනු කිලෝව රු. 130
රතු ලූනු කිලෝව රු. 225ඒ අනුව මිලදී ගත් එම නිෂ්පාදන පහත මිල ගණන් යටතේ ලංකා සතොස වෙළෙඳසැල් තුළින් පාරිභෝගික ජනතාවට ලබා ගත හැක.දේශීය අල කිලෝව රු. 250
ලොකු ලූනු කිලෝව රු. 150
රතු ලූනු කිලෝව රු. 295

මිල දී ගැනීමේ මධ්‍යස්ථාන -දේශීය අල මිල දී ගැනීම -ලංකා සතොස ආයතනය – කැප්පෙටිපොළ, නුවරඑළිය, බෝගහකුඹුර
කාගිල්ස් ආයතනය – බණ්ඩාරවෙල, නුවරඑළිය, බොරලන්ද
කීල්ස් ආයතනය – කැප්පෙටිපොළ, නුවරඑළිය

ලොකු ලූනු මිල දී ගැනීම -ලංකා සතොස ආයතනය – දඹුල්ල, තඹුත්තේගම
කාගිල්ස් ආයතනය – සීගිරිය, තඹුත්තේගම
කීල්ස් ආයතනය – දඹුල්ල, තඹුත්තේගම

රතු ලූනු මිල දී ගැනීම -ලංකා සතොස ආයතනය – යාපනය ආර්ථික මධ්‍යස්ථානය
කාගිල්ස් ආයතනය – නොරොච්චෝල, අලවෙඩ්ඩි
කීල්ස් ආයතනය – යාපනය, පුත්තලම

එක් ගොවි මහත්මයෙක් සඳහා අල, ලොකු ලූනු හා රතු ලූනු උපරිම වශයෙන් කිලෝ ග්‍රෑම් 2000ක ප්‍රමාණයක් බැගින් මෙම ස්ථාන වලට සැපයිය හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments