23.7 C
Sri Lanka
Thursday, October 2, 2025
Homeදේශීය පුවත්ඊශ්‍රායලයේ කෘෂී අංශයේ  රැකියා අවස්ථා සඳහා බඳවාගන්නා බවට යම් යම් පුද්ගලයින් හෝ...

ඊශ්‍රායලයේ කෘෂී අංශයේ  රැකියා අවස්ථා සඳහා බඳවාගන්නා බවට යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් පළකරන සමාජ මාධ්‍ය දැන්විම් මුළුමනින්ම අසත්‍යයි

                                                                                                                                

එවැනි පුද්ගලයින්ට එරෙහින නිතිමගින් කටයුතු කරන බවත් කාර්යාංශය අවධාරණය කරයි

ඊශ්‍රායලයේ කෘෂී අංශයේ  රැකියා අවස්ථා සදහා බඳවාගන්නා බවට යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් පළකරන සමාජ මාධ්‍ය දැන්විම් මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මෙය වංචනිකව රැකියා අපේක්ෂිතයන්ගෙන් මුදල් ජාවරම් කිරිමේ අරමුණින් පළකරන බවයි කාර්යාංශය අවධාරණය කරන්නේ.

ඊශ්‍රායලයේ කෘෂී අංශයේ  රැකියා අවස්ථා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බඳවාගන්නා රාජ්‍යයන් දෙකක් අතර ඇතිකර ගිවිසුමක් මත ක්‍රියාත්මක කරන කාර්යයක් බවත්  කාර්යාංශය සදහන් කරයි. එබැවින් කිසිම අවස්ථා පුද්ගලික අංශයට ඊශ්‍රායලයේ කෘෂී අංශයේ  රැකියා අවස්ථා ලබාදී නොමැති අතර ඒසදහා බඳවා ගැනිම්. මුදල් එකතු කිරිම් හෝ තොරතුරු ලබාගැනිම් කාර්යාංශ පනතට අනුව නිතිවිරෝධි බවත්, එවැනි පුද්ගලයින්ට එරෙහින නිතිමගින් කටයුතු කරන බවත් කාර්යාංශය අවධාරණය කරයි

කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ. ඇතැම් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළවන මෙවැනි ව්‍යාජ දැන්විම් වලට නොරැවටෙන  ලෙසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments