ඒ් අනුව ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 343කින් වැඩිවි තිබෙන අතර එහි නව මිල රුපියල් තුන්දහස් හාරසිය හැත්තෑවක්වේ. කිලෝග්‍රෑම් පහේ සිලින්ඩරයක් රුපියල් එකසිය තිස්හතකින් වැඩිකර තිබෙන අතර එහි නව මිල රුපියල් එක්දහස් තුන්සිය අනුතුනක් වේ. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් හැටතුනකින් වැඩිකර තිබෙන එහි නව මිල රුපියල් හයසිය පනහක්වේ.
මේ පිළිබඳ අද (04) ලිට්‍රෝ සමාගම් ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ලාෆ් ගෑස් මිලද වැඩිවි තිබේ. ඒ අනුව ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985කි.
ලාෆ්ස් කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1595කි.
එසේම කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල ලාෆ්ස් සමාගම රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 638කි.
මෙම ගෑස් මිල වැඩිවීම අද(04) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරේ.