ගනේමුල්ල සංජිවගේ ගෝලයෙකු වන දැනට ඩුබායි සැගව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කලනගෙ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංදුනුමාල ප්‍රදේශයේ හා මීගමුවේ දී වෙඩි තැබිමට අදාලව ගිණි අවිය ප්‍රවාහනය කල වත්තලවිසිහත් හැවිරිදි තරුණිය (ඉමා)අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගෙන තිබේ.
පානම රදැල්ල රක්ෂිතයේ සතුන් දඩයම් කිරීම සදහා හක්ක පටස් හැදු පුද්ගලයකු හා එයට ආධාර අනුබල දුන් අයෙකු හක්ක පටස් සමග පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ශාස්ත්‍රවෙල කඳවුරේ උප පොලිස් පරික්ෂක එච්.එන්.කේ.බි. ගයාශාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) පානම පොලිස් වසමේ රදැල්ල රක්ෂිතයේ, වන්නන්දාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී වන සතුන් දඩයම් කිරීම සදහා මෙරට නිෂ්පාදිත හක්කපටස් වර්ගයේ බෝම්බ 05 ක් සන්තකයේ තබාගෙන සිටි අලිගම්බේ, අක්කරපත්තු ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු සහ ඒ සදහා ආධාර අනුල දුන් එම ප්‍රදේශයේම 24 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.
මෙය හක්කපටස් විවිධ පුපුරන ද්‍රවය යොදා සකස් කරනු ලැබු ද්‍රවයක් වන අතර මෙය ඉතාම සුළු තෙරපිමකින් උවද පුපුරා විශාල හානියක් සිදු වන ද්‍රව්‍යක් වේ. මෙය සතුන්ගේ ආහාර සඳහා දමා සතුන් ඝාතය කරයි.
ඉතාම සුක්ෂම අයුරින් වගා කරන ලද ගංජා වගාවක් හා පැල තවනක් සමඟ පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අසෝක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ වැඩ බලන අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩි.ආර්.එමි.එස්. හේමවංශ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) වැල්ලවාය පොලිස් වසමේ දෙමටත්ආරගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉතාම සුක්ෂමව වගාකරන ලද සැකකරුවෙකු නොමැති ගංජා පැළ 6,500 සහිත තවානක් හා පර්චස් 40 ක පමණ වගා කර තිබූ අඩි 07 ක් පමණ උස ගංජා ගස් 7,000 සමග සිටි ඇතිලියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක සැකකරු සමග සාම්පල් වශයෙන් ගංජා ගස් 10 ක් හා ගංජා පැළ 10 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය ස්ථානය වෙත භාර දී