21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකොට සුපුන් ලෙස හදුන්වන හිටපු කමාන්ඩෝ භටයා හංවැල්ල පොලිස් බල ප්‍රදේශයේ දී...

කොට සුපුන් ලෙස හදුන්වන හිටපු කමාන්ඩෝ භටයා හංවැල්ල පොලිස් බල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවමාරුවකදී මරු දකී.

තලංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව සිටි කොට සුපුන් ලෙස හදුන්වන හිටපු කමාන්ඩෝ භටයා හංවැල්ල පොලිස් බල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ මුහුණ ට මුහුණ ලා ඇති වූ වෙඩි තැබීමක දී මිය යයි

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) වග ප්‍රදේශයේ රියල් ස්ටේට් හිදී වෙඩි හුවමාරුවක් සිදුකර ඇත.

එහි දී ඉකුත් අගෝස්තු (25) තලංගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍ර‍ධාන වෙඩික්කරු වූ තලංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් පමණ වන යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේතුවෙන් පැන ගිය කොට සුපුන් සහ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඉහත ලිපිනයේ දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ වෙඩික්කරු විසින් ටී 81 ස්වයංක්‍රීය අවියකින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වෙත වෙඩි තබා ඇති අතර, විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රති වෙඩි ප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. තවද සැකකරු රැදී සිටි නිවස පරීක්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක් සහ යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩුවක් සොයාගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments