තෙත් කාලාපයෙනුයි වියළි කලාපයෙනුයි එක් එක් අය පත් කරගෙන රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති හා එය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් සමග ඊට කැපවෙන මිනිස්සුයි – වෙළෙඳ ඇමැති නලින් ප්‍රනනාදු මහතා ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාට සැර පිළිතුරක් ලබාදෙයි.
වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා මෙම පිළිතුර ලබාදුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදි පැවසු කතාවකටයි එහිදි ඔහු කියා ඇත්තේ වෙළෙඳ ඇමැතිකම දෙන්න ඔ්නේ කෘෂිකර්ම ප්‍රදේශයක සිටින මිනිහෙකුටයි. කෘෂිකර්ම ඇමැතිකම දෙන්න ඔ්නේ වෙළෙඳ අය සිටින ප්‍රදේශයක අයකුටයි කියලයි. එහිදි නලින් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කර සිටියේ මෙහෙම කරලද රටකට විසඳුම් ලබාදෙන්නේ කියලා මෙය නිසි පිළිතුරක් කියලා මම හිතන්නේ නැහැ ඉන් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. මෙහිදි ඇමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.. අපිට අවශ්‍ය වන්නේ රටේ ප්‍රතිපත්ති රටට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබෙන්න ඔ්නේ, වෙළෙඳ ප්‍රතිපත්තියක් තිබෙන්න ඔ්නේ. සෞඛ්‍ය ප්‍රතිපත්ති තිබෙනවානම් ඒ් ප්‍රතිපත්තිවලට අවශ්‍ය වැඩපිළිවෙලවක් අපේ රටේ තිබෙනවානම් මේ සඳහා කැපවෙන මිනිස්සු රටේ සිටිනවානම් ඒ් අනුව මේ ගැටලුවලට විසඳුම් ලබාදෙනවා මිසක් එතුමා කියනවා වගේ වියළි කලාපෙන් එක්කෙනයි, තෙත් කලාපෙන් එක්කෙනයි පත්කරලා මේවාට විසඳුම් ලබාදෙන පුද්ගලයෝ නායකත්වය දෙන දේශපාලනයට දෙවියන්ගේම පිහිටයි.
මේක තමයි රටේ සෑමදාම සිදුවු සෙල්ලම. මෙහෙම ඇවිත් කියලා යනවා රටේ ගැටලුවලට විසඳුම් නැහැ.