2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව මෙවර කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද හමුවේ තේමාව වී ඇත්තේ “ආසියාවේ පාර්මේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුල සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය” යන්නයි.
ඒ අනුව මෙම හමුව හා ඊට අදාළ වැඩසටහන් මාලාව ඔක්තෝබර් මස 9 වැනිදා සිට 11 දක්වා පැවැත්වේ.
මෙහි සමාරම්භක උත්සවය ඔක්තෝබර් මස 9 වැනිදා උදෑසන 10ට ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ. මේ අවස්ථාව සඳහා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන් ද, ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ
සාමාජිකාවන්, විදෙස් රටවල් කිහිපයක රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි.
මෙම වැඩසටහන් මාලාව තුලදී ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකයින්, මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධන වල සාමාජිකයින් සමග සාකච්ඡාවන් පැවැත්වීමට මෙන්ම නිරීක්ෂණ චාරිකා කිහිපයකට එක්වීමටද සැළසුම් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හා එක්ව මෙවර වාර්ෂික හමුව සංවිධානය කර ඇත.


