26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් පරීත්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සමිබන්ධ මීටියාගොඩ ජයලත්...

පොලිස් පරීත්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සමිබන්ධ මීටියාගොඩ ජයලත් සුද්දා වෙඩි හුවමාරුවකින් මරුට -එස්.ටී.එෆ්.

රත්ගම දී ඉකුත්දින පොලිස් පරීත්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සමිබන්ධ මීටියාගොඩ ජයලත් සුද්දාා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් මරුට.

පසුගිය දා රත්ගම දී පොලිස් පරීත්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සමිබන්ධ මීටියාගොඩ පෙලපාරේ ජයලත් සුද්දාා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට අයත් පාලු නිවසක සැගව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි නිලධාරීන්ට ලද තොරතුරකට අනූව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත එම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු හා විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් ඔහු බරපතල තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ හෙනේගොඩගේ සංජීව පේමකුමාර සිල්වා නැමැති වයස අවුරුදු 42 පසුවන ජමිබුගහවත්ත, වාද්දූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments