22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගේන්න විදෙස් බලවේග සාකච්ඡාවක

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගේන්න විදෙස් බලවේග සාකච්ඡාවක

එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට විදේශීය දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ දේශපාලන හා සිවිල් බලවේග රාශියක් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් සමගින් සාකච්ඡා කරමින් සිටින බව තමිල් දේසිය කූට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් ඊයේ (06 වැනිදා) ‘අරුණ’ ට පැවසීය‍.

2015 යහපාලන ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රහය ඇතිව සම්මත කරගත් වගවීම හා ප්‍රතිසන්ධානය පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ලක් රජය අපොහොසත් වීමත් ශ්‍රී ලංකාවේ බලයට පත් නව රජයද ජාත්‍යන්තර යෝජනා නොපිළිගැනීමත් මත එළඹෙන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකාවට එරෙහි නව යෝජනාවක් ගෙන ඒම එහි අරමුණ යැයිද හෙතෙම කීවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments