25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේපළ ඇප නිවාස ණයට පොලිය 7%

දේපළ ඇප නිවාස ණයට පොලිය 7%

දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවට සියයට හතක උපරිම පොලියක් පමණක් අය කළ යුතු බවට නිර්දේශ කළ චක්‍රලේඛය 2020 දෙසැම්බර් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයට අනුව දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවෙන් වාණිජ බැංකු විසින් ‘අවම තරමින්’ පළමු වසර පහක කාලය සඳහා සීයට 7ක පොලී අනුපාතයක් අය කළ යුතුය. ඉතිරි කාල සීමාව සඳහා බැංකු සිය ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ට ලබාදෙන හොඳම පොලී අනුපාතයකට (එහි වර්තමාන සාමාන්‍ය අගය සියයට හයකට ආසන්න වේ) වඩා සියයට එකක් වැඩියෙන් වූ පොලී අනුපාතයක් අය කළ යුතු වේ.

කෙසේ වෙතත් ණය ගැනුම්කරුවකු පළමු වසර පහ ඇතුළත ණය මුදල ගෙවා අවසන් කරන්නේ නම් කිසිදු අමතර ගාස්තුවකින් තොරව බලපත්‍රලභී බැංකු විසින් අදාළ ණය මුදල අවසන් කිරීමට අවස්ථාව සලසා දිය යුතුය. එසේම 2020 දෙසැම්බර් 10 වැනිදා සිට මෙම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ශාඛා වෙත අවශ්‍ය අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කරන ලෙසද මහබැංකුව වාණිජ බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments