22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වික්ටෝරියා ජලාශය අවට භූ කම්පන ගැන පුළුල් පරීක්ෂණයක්

වික්ටෝරියා ජලාශය අවට භූ කම්පන ගැන පුළුල් පරීක්ෂණයක්

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල දිගින් දිගටම භූ චලන සිදුවීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය,පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශය සහ මහවැලි අධිකාරිය එක්ව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වේ.

මේ වසරේ පස්වැනි වරටත් වික්ටෝරියා ජලාශය ආශ්‍රිත අඹකොටේ ප්‍රදේශයේ පෙරේදා (05 වැනිදා) අලුයම 5.41 ට භූ චලනයක් සිදුවූ බවත්, එම කම්පනය රිච්ටර් පරිමාණ දෙකට වඩා අඩු අගයක් ගත් බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කීවේය.

දිගන, අඹකොටේ, අනුරගම හා හාරගම ආදී ප්‍රදේශ ආශ්‍රිතව මේ වසරේ අගෝස්තු 29 ,සැප්තැම්බර් 02, නොවැම්බර් 18, නොවැම්බර් 29 සහ දෙසැම්බර් 05 භූ චලන සිදුවිය. මීට අමතරව වික්ටෝරියා ජලාශයේ සවිකර තිබෙන ත්වරණමාන වලද තවත් සුළු භූ කම්පන කිහිපයක් 05 වැනිදා සවස සිදුවූ බවට වාර්තාවී තිබිණි.

නමුත්, මෙම කම්පන තත්ත්වයන් පල්ලේකැලේ හෝ මහකනදරාව භූ කම්පන මානවල සටහන්ව නොතිබූ බව සභාපතිවරයා කීවේය. මේ අතර ජලාශ විහිදී තිබෙන ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පන මාන සවි කිරීම පිළිබඳවද අවධානය යොමුවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවැසීය. මහනුවර සිට මිනිපේ දක්වා මෙම භූ කම්පන මාන සවිකිරීමට නියමිතය.

මෙලෙස දිගින් දිගටම භූ චලන සිදුවීම මගින් වික්ටෝරියා ජලාශයේ වේල්ලටද අවදානමක් නැතැයි බැහැර කළ නොහැකි බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවැසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments