21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsවිෂ මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රුපියල් 150000.00ක අයිස් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජාවාරම් කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට රංගල නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයෙන් ලැබුණු
තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක ඩබ්.එම්.ඩි. සඳරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20 ) ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත, වැල්ලම්පිටිය මාර්ගයේ Blue Moon හෝටලයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රුපියල් 150,000.00ක් පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14, මි.ග්‍රෑ. 80 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 48 ක වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දිගු කලෙක පටන් යතුරු පැදියෙන් යාපනය ප්‍රදේශයේ කේරළ ගංජා ජාවාරම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට*

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඩි.එම්.පි.අයි. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20 ) චාවකචිචේරි පොලිස් වසමේ සගලකලා වල්ලි පාසල පාර, මරවන්පුලෝ, චාවකචිචේරි ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කිලෝ ග්‍රෑම් 01, ග්‍රෑම් 270 ක් ජාවාරම් කිරීම සඳහා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි චාවකච්චේරි සහ කයිතඩි ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 27 ක් සහ 29 වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චාවකචිචේරි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments