27 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsකෝටි එක හමාරකට අධික වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් සමග අපරාධයකට සැරසෙමින්...

කෝටි එක හමාරකට අධික වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් සමග අපරාධයකට සැරසෙමින් සිටි මත්ද්‍රව්‍ය කුඩු රැජින පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) සපුගස්කන්ද පොලිස් වසමේ අංක 301/1/B, මාකොළ දකුණ, මාකොළ යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.

එහි දී ගනේමුල්ල සංජීව යන සංවිධානාත්මක අපරාධ කරුගේ ගෝලයෙකු වන දැනට ඩුබායි රාජ්‍යය් සිටින නිරෝෂන් ශ්‍රී චමිල් අබේකොන් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන තවකාලිකව මාකොළ දකුණ, මාකොළ ප්‍රදේශයේ පදිංචි කුඩු රැජින ලෙස හදුන් වන වයස අවුරුදු 43 ක් වන කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 32 ක්, හෙරොයින් ග්‍රෑම් 506 ක්, මුදලින් රුපියල් 200,000 හා ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
තවද,

මෙම සැකකාරිය සන්තකයේ කාර් රථයක් සහ වෙනත් කාර් රථයකට අයත් අංක තහඩු දෙකක් සහ යතුරු පැදියක්ද තිබී අත්අඩංගුවට ගෙන ඇත අතර මොවුන් කුමක් හෝ අපරාධයකට සැරසෙමින් සිටි බවට කරුණු අණාවරනය විය.
වැඩිදුර පරික්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකරගෙන යනු ලබන අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති,නීතීඥ වරුණ ජයසුන්දර මහතාගෙ නායකත්වය යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය අඛණ්ඩව ම සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව වැටලීමි සිදුකරගෙන යනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments