දෝහා සිට කටුනායක ගුවන් තොටුපොලට (22)පැමිනි QR 656 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිනි ඉන්දුනීසියානු කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ..
ඇය මුද්‍රිත පොත් අතර සඟවා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.598ක් නීති විරෝධී ලෙස රට තුලට ගෙන ඒමට උත්සාහ කර තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 230 ඉක්මවනු ලැබේ.
වයස අවුරුදු 42 ක් වන මෙම කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොල හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම කාන්තාව හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දීමට නියමිතයි.
රුපියල් මිලියන 230ක මත්ද්‍රව්‍ය රේගු දැලේ.
RELATED ARTICLES