28.6 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්මෙරට අපනයන ප්‍රවර්ධනයට වෙළෙඳ ඇමති චීනයේ සාකච්ජාවක...

මෙරට අපනයන ප්‍රවර්ධනයට වෙළෙඳ ඇමති චීනයේ සාකච්ජාවක…

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් පසුගියදා (17-18) දෙදින චීනයේ බිජිං නුවර පැවැති අන්තර්ජාතික සහයෝගිතාවය සදහා වන “Belt and Road Forum” සමුළුවට සහභාගි විය.

මෙහිදී අමාත්‍යවරයා චීන වාණිජ අමාත්‍ය වන්ග් වෙන්ටෝ (Mr .Wang Wento) මහතා සමග දෙරාජ්‍යන් අතර වෙළෙඳ , වාණිජ හා ආයෝජන කටයුතු තවත් පුලුල් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලාංකික කුරුදු හා මත්ස්‍ය නිශ්පාදනයන් ඇතුළු අපනයන සදහා චීන වෙළෙඳපොළ තවදුරටත් පුලුල් කිරීම ඇතුළු වටිනා වෙළෙඳ , ආර්ථික හා ආයෝජන අවස්ථාවන් රැසක් ශ්‍රී ලංකාවට අත්කර ගැනීමට මේ සාකච්ඡාව හරහා හැකි විය.
සමුළුව සදහා සහභාගි වූ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතන නියෝජිතයන් සමගද අමාත්‍යවරයා මෙරට වෙළෙඳ හා ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ගෝලීය වෙලෙන්දපොල තුළ සැපයුම්ජාල ඒකාබද්ධකරණය, හරිත තාක්ශණය හා ඊ තාක්ශණය යන සංකල්ප ප්‍රවර්ධනය පිලිබදව හා සමුද්‍රාශ්‍රිත සහයෝගිතාවය පිලිබදවද මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු විය.

“පොදු සංවර්ධනය හා සෞභාග්‍යය උදෙසා සියලු දෙනා එකමුතු වීම “යන තේමාව ඔස්සේ තෙවන වරට පැවැත්වුනු මෙම සමුළුවට රටවල් 151 ක් හා අන්තර්ජාතික සංවිධාන 41 ක නියෝජිතයන් සහභාගි වූූහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments