24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සංචාරක වීසා උපයෝගි කරගනිමින් විදේශ රැකියා සඳහා යාමට උත්සහ කළ පිරිමි පුද්ගලයින්...

සංචාරක වීසා උපයෝගි කරගනිමින් විදේශ රැකියා සඳහා යාමට උත්සහ කළ පිරිමි පුද්ගලයින් අටක් මාට්ටු.

සංචාරක වීසා උපයෝගි කරගනිමින් විදේශ රැකියා සඳහා යාමට උත්සහ කළ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු නවතා ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ (SMPU) නිළධාරීන් කටයුතු කර තිබේ.

ඕමානයේ සංචාරයක් සඳහා යන බව හඟවමින් පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය යන බව ප්‍රකාශ කළ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, ආපසු දිවයිනට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ව්‍යාජ අයුරින් (Dummy) නිර්මාණය කරමින් විදෙස් ගතවීමට උත්සහ දරා තිබේ.

ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කළ ලේඛන ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිළධාරීන් විසින් පරික්ෂා කිරීමේදී නැවත පැමිණීමේ ගුවන් ටිකට්පත් ව්‍යජ බව අනාවරණය වූ හෙයින් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

සංචාරක වීසා මගින් විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීමෙන් වළක්වාගැනීම සහ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නිසි මාර්ගෝපදේශනය ලබාදීම අරමුණු කරගනිමින් බණ්ඩාරනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ මෙම ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය පිහිටුවා ඇත. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය යන ආයතනයන්හි නිළධාරීන්ගෙන් සමන්විත වේ.

මූලික වශයෙන් මැලේසියාව, ඕමානය, ඩුබායි හා අබුඩාබි යන රටවල් වෙත සංචාරක වීසා මගින් යොමුවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන අතර සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයේ කටයුතු සිදුකරනු ලබයි.

සංචාරක වීසා මගින් විදේශ රැකියා යාමට උත්සහ කළ ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසක් මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කිරිම සඳහා පසුගිය සමයේදී මෙම ඒකකය මගින් නතර කිරිමට කටයුතු කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments