21.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsබූස්ස බන්ධනාගාරයේ පැරණි අංශය හදිසි සෝදීසි කිරීමකදී ඉතා සුක්ෂම ලෙස සිර මැදිරි...

බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශය හදිසි සෝදීසි කිරීමකදී ඉතා සුක්ෂම ලෙස සිර මැදිරි තුල සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන සහ උපාංග විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ‌‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව එම කාර්ය බලකාය බුස්ස කඳවුරේ නිලධාරීන්ට ගාල්ල ප්‍රාදේශීය අණදෙන නිලධාරී ලබාදුන් තොරතුරකට අනුව හම්බන්තොට කලාප බාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බුස්ස කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඩබ්.වි. නිමල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බුස්ස බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව 2023.10.28 වන දින බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශය හදිසි සෝදීසි කිරිමක් සිදුකර ඇත.

එහි දී පැය 1700 – 1910 අතර කාලය තුල A හා D වාට්ටු තුල සුක්ෂම ලෙස සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන 02ක්, සිමි පත් 02 සහ පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාජර් 02 අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂණ කටයුතු සදහා කඩිනමින් විශේෂ කාර්ය බලකාය අණදෙන නිළධාරි තුමාගේ කාර්යාලය වෙත භාර දිමට සුදානම් කර ඇත.

දීර්ඝ කලක සිට මත් කරල් හා කේරළ ගංජා ජාවාරමේ යෙදුනු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරි කේ.ජී.ජී.ජී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක එචි.ඩි.කේ. විතාරන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.10.27 වන දින යාපනය පොලිස් වසමේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.
එහි දී ප්‍රිගැබ් වර්ගයේ මත් කරල් 800 ක් හා කේරළ ගංජා ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි ආනකෝට්ටේ හා මිත්යෝලේ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 20 හා 26 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ගන්නා මුදල් රුපියල් 10,000 ක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දිගු කලෙක පටන් කොළඹ 07 කුරුඳුවත්ත ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) කුරුඳුවත්ත පොලිස් වසමේ අංක 60/31, ටොරින්ටන් මාවත, කොළඹ 07 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජාවාරම් කිරීම සදහා හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 07, ටොරින්ටන් මාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ක පුද්ගලයකු ඩිජිටල් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 9,200.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments