28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වැඩි මිලට සහල් අලෙවිකරන කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දිගටම...

වැඩි මිලට සහල් අලෙවිකරන කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දිගටම මෙහෙයුම්….

සහල් වැඩි මිලට විකුණන තැන් සොයා පුළුල් වැටලීම් දිවයින පුරා තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ගෙන් නිලධාරීන්ට උපදෙස්

සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රු.260/-, සම්බා රු.230/-, නාඩු රු.220/-, රතු කැකුලු රු.210/- ක් ලෙස දක්වා ඇත.

ඒ අනුව සහල් අලෙවි කිරිමේදී ඉහත මිල ගණන් වලට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳුන් වෙත මෙයින් දැනුම් දෙනු ලබයි.

වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 යේ සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කළ හැක.

සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් රජයේ නිවාඩු දින වලද සති අන්තයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද වැටලීම් සිදුකරන ලෙසද එමෙන්ම සියලුම තොග සහ සිල්ලර වෙළෙඳසල් පරික්ෂාවට ලක්කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසලක් වේ නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.

මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේ වැඩි මිලට දිගින් දිගටම සහල් අලෙවි ක‌ළොත් බිත්තර මෙන් සහල්ද ආනයනය කිරීමට සිදුවන බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments